Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 46 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී විරාට් කොලිද ඇතුළුව ඉන්දීය පිතිකරුවන් 5 දෙනකුම ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරිමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැතිව් හෙන්රි ලකුණු 15 කට කඩුලු 5 ක්ද, විලියම් ඕ’රුකේ ලකුණු 22 කට කඩුලු 4 ක්ද දවාගත්හ.
ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී දැවී ගොස් ඇති තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගයකදී දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වේ. මින් පෙර 2020 වසරේ ඕස්ට්‍රේලියාව හමුවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ලකුණු 36 කටද, 1974 වසරේ එංගලන්තය හමුවේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලකුණු 42 කටද ඉන්දියාව දැවී ගොස් තිබේ.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිෂාබ් පාන්ට් හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කළ අතර ඔහු හැරුණුකොට ලකුණු 10 සීමාව පසුකර ගිය සෙසු ඉන්දීය පිතිකරුවා බවට පත්වූ ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් හතරේ පහරක් සමග ලකුණු 13 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබා ඉන්දියාවට වඩා ලකුණු 134 ක් ඉදිරියෙන් සිටියේය. සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඩෙවෝන් කොන්වේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 91 ක් රැස්කිරීමට සමත් විය.
ටොම් ලේතම් (15) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කොන්වේ, ඉන් නොනැවතී විල් යංග් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත ඉනිම ගොඩනැගුවේය. විල යංග්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 46
(රිෂාබ් පාන්ට් 20, මැතිව් හෙන්රි 15/5, විලියම් ඕ’රුකේ 22/4)
නවසීලන්ත පලමු ඉනිම - කඩුලු 3 ක් දැවී 180
(ඩෙවෝන් කොන්වේ 91, විල් යංග් 33, රචින් රවින්ද්‍ර 22)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.