Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 30.5 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ශිකර් ධවාන් පන්දු 113 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 81 ක්ද, ශුබ්මන් ගිල් පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 82 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 40.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක රේගිස් චකබ්වා පන්දු 51 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.
බ්‍රැඩ් එවන්ස් පන්දු 29 කදී නොදැවී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අක්සර් පටේල් ලකුණු 24 කට කඩුලු 3 ක්ද, දීපක් චාහර් ලකුණු 27 කට කඩුලු 3 ක්ද, ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 50 කට කඩුලු 3 ක්ද දවාගැනීමට සමත් වූහ.
සිම්බාබ්වේ - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 189
(රේගිස් චකබ්වා 35, බ්‍රැඩ් එවන්ස් නොදැවී 33, රිචඩ් න්ගාරාවා 34, අක්සර් පටේල් 24/3, දීපක් චාහර් 27/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 50/3)
ඉන්දියාව - ඕවර 30.5 කදී කිසිවකු නොදැවී 192
(ශිකර් ධවාන් නොදැවී 81, ශුබ්මන් ගිල් නොදැවී 82)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.