Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවේදී ඉන්දියාව පරදා එති

ඉන්දියාවේදී ඉන්දියාව පරදා එති

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

ඉන්දීය ජාතික පැරා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික පැරා ක්‍රිකට් කණ්ඩායම අතර ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති විස්සයි-20 ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 3 - 0 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පැරා ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (26 වැනිදා) දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා පැරා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා හිටපු අමාත්‍ය සරත් වීරසේකර, ශ්‍රී ලංකා පැරා ක්‍රිකට් සම්මේලනයේ සභාපති ලක්ෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකා පැරා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සදහා අපහසුතා ඇති වූ අවස්ථාවේදී  ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ යුද හමුදාවේ ක්‍රීඩාංගණ ලබාදී ඇත්තේ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා විසිනි. ක්‍රීඩකයන්ගේ ආහාර සහ පෝෂණය පිළිබඳ වගකීම භාර ගනිමින් ඒවා සම්පාදනය කිරීමටද සරත් වීරසේකර මහතා පියවර ගෙන තිබේ.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් හිටපු ටෙස්ට් ක්‍රීඩක නුවන් සොයිසා මහතා ද, ප්‍රධාන උපදේශකවරයා වශයෙන් අනූෂ සමරනායක මහතා ද කිසිදු මුදලක් අය නොකර, ස්වෙච්ඡාවෙන් එම කටයුතු වල නියැලෙති.

එසේම මීළඟ ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද නියමිත බව ලක්ෂාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

ඉන්දියාවේදී ඉන්දියාව පරදා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.