Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය - ද.අප‍්‍රිකා තරගාවලිය දෙසැම්බර් 26 සිට

ඉන්දීය - ද.අප‍්‍රිකා තරගාවලිය දෙසැම්බර් 26 සිට

editorial - 2021 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා ප‍්‍රභේදය හේතුවෙන් කල් දැමුණු ඉන්දීය කණ්ඩායමේ සංචාරයේ යාවත්කාලීන තරග කාලසටහන දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිකුත් කළේය.

මුලින් දෙසැම්බර් 17 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දෙසැම්බර් 26 දක්වා කල්දමා ඇත. පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට 30 දක්වා සෙන්චූරියන් හි සුපර් ස්පෝර්ට් පාර්ක් හිදී ද, දෙවන ටෙස්ට් තරගය ජනවාරි 3 සිට 7 වැනිදා දක්වා ජොහැන්නස්බර්ග්හි වොන්ඩරර්ස් ක‍්‍රීඩාංගනයේදීද තෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 11 සිට 15 දක්වා කේප්ටවුන් හි නිව්ලන්ඞ්ස්හිදී පැවැත්වේ.

”ඉන්දීය කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයට අදාල යාවත්කාලීන කරන ලද කාලසටහන තහවුරු කිරීමට ලැබීම දකුනු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනයේ සතුටට කරුණක්. සති අන්තයේ ප‍්‍රකාශයට පත් කළ පරිදි, සංචාරය තරගාවලි 3 සිට 2 දක්වා අඩුකර ඇත. ඒ අනුව බෙට්වේ ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 26 සිට ජනවාරි 23 දක්වා ක‍්‍රීඩාංගණ 4 කදී පැවැත්වෙනවා,” යැයි දකුනු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඉන්දියාව සමගින් එක්දින තරග තුනක් පැවැත්වෙන අතර තරග 4 කින් සමන්විත විස්සයි20 තරගාවලිය ඉදිරියේදී පැවැත්විමට සැලසුම් කරනු ඇත.

”ටෙස්ට් තරඟාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක‍්‍රයේ කොටසක් වනු ඇති අතර, එක්දින තරඟාවලිය ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වනු ඇත.

-2079


අදහස් (0)

ඉන්දීය - ද.අප‍්‍රිකා තරගාවලිය දෙසැම්බර් 26 සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.