Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට එති

ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාල කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමග ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය රැකගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය නේපාල කාන්තා කණ්ඩායමට දිප්ති ශර්මා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ  ලකුණු 96 ක් පමණි. එහිදී දීප්ති සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවාය. ඇයට අනගි සහායක් දුන් රාධා යාදව් සහ අරුන්දතී රෙඞ්ඩි කඩුලු 2 බැගින් දවාගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 178 ක් රැස්කළහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ශෙෆාලි වෙර්මා පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 81 ක් රැස්කිරීමට සමත් වූවාය.  
 
දයානි හේමලතා (47) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 122 සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශෙෆාලි සමත් වූ අතර පන්දු 42 කදී වාර්තා වූ හේමලතාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ජෙමියා රොඩි්‍රගස් පන්දු 15 කින් නොදැවී ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 


ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 178 
(ශෙෆාලි ශර්මා 81, දයානි හේමලතා 47, ජෙමියා රොඩි්‍රගස් නොදැවී 28, සීතා රානා මාගර් 25/2) 

නේපාල කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 96 
(සීතා රානා මාගර් 18, රුබීනා චෙටි්‍ර 15, බින්දු රාවල් නොදැවී 17, දීප්ති ශර්මා 13/3, රාධා යාදව් 12/2, අරුන්දතී රෙඞ්ඩි 28/2) 

- 036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.