Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පසුගියදා අවසන් වූ “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ සුබ්‍රමනියම් බද්‍රිනාත්ටද කොරෝනා වයිරසය වැළඳී ඇත. මෘදු රෝග ලක්ෂණ සහිතව සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් කොරෝනා වයිරසය වැළදුණු තෙවැනි ක්‍රීඩකයා බවට බද්‍රිනාත් පත්විය. මින් දින කිහිපයකට පෙර ඉන්දීය සුපුරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක යූසුෆ් පතාන්ටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.