Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය සංචිතයේ වෙනස්කම් රැසක්

ඉන්දීය සංචිතයේ වෙනස්කම් රැසක්

editorial - 2021 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකාවට එරෙහිව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඉන්දීය තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද අතර නායක විරාට් කෝලීගේ සහයකයා (උපනායක) ලෙස රෝහිත් ෂර්මා නම්කර ඇත. හිටපු ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක චේතන් ෂර්මාගේ ප‍්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව දෙබාෂිෂ් මොහාන්ටි සහ අබේ කුරුවිල්ලා ඇතුළත්ව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ මෙතෙක් උපනායකයා ලෙස කටයුතු කළ අජින්ක්‍යා රහනේ වෙනුවට රෝහිත් ෂර්මා මෙලෙස තෝරා ගෙන තිබේ.

ටෙස්ට් තරග 3ක් සහ එක්දින තරග 3ක් සඳහා ඉන්දීය කණ්ඩායම දකුණු අප‍්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතය. දකුණු අප‍්‍රිකායව පුරා පැතිරීගිය නව කොරෝනා ප‍්‍රභේදය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට නොයන බවට මත පළ විය. එහෙත් ඊට තිත තබමින් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සංචාරයට සංඥාවක් ලබා දී ඇත.

චෙටේෂ්වර් පුජාරා සහ විරාත් කෝලි සැලකිය යුතු කාලයක් ලකුණු අතරට නොපැමිණීම නිසා රහානේට කණ්ඩායමේ තම ස්ථානය රඳවා ගැනීමට හැකි වී තිබේ යැයි ඉන්දිය පුවත් පත් වාර්තා කරයි. නමුත් රහනේට සහ පුජාරාට, දකුණු අප‍්‍රිකානු සංචාරය ඔවුන්ගේ අවසන් අවස්ථාව වනු ඇතැයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප‍්‍රකාශ කර ඇත.

නවසීලන්ත ටෙස්ට් තරඟාවලියෙන් විවේක ගැන්වූ රෝහිත් ෂර්මා ඇතුළු ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් නැවතත් ටෙස්ට් සංචිතය සමගින් එක්වී ඇත. රෝහිත් සමඟින් නැවතත් ටෙස්ට් සංචිතයට රිෂාබ් පාන්ට්, ජස්ප‍්‍රිත් බුම්රා සහ මොහොමඞ් ෂාමි ඇතුළත් වූහ.

මේ අතර ආබාධයකට ලක්ව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වූ ලෝකේෂ් රාහුල් ද 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට යළිත් ඇතුළත් කර ඇත. ආබාධ හේතුවෙන් රවීන්ද්‍ර ජඬේජා, අක්සාර් පටෙල් සහ ශුබ්මන් ගිල් යන කිසිවකු දකුණු අප‍්‍රිකානු සංචාරයේ තේරීම් සඳහා සලකා බලා නැත. එක්දින තරඟාවලියට අදාල සංචිතය පසුව නම් කෙරෙනු ඇත.

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමඟ දකුණු අප‍්‍රිකාවට යවා ඇති හනුමා විහාරිද මෙම ඉන්දීය සංචිතයට කැඳවා ඇත. විශේෂයෙන් ජඬේජා නොමැති වීමත් සමඟ මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා ඔහු යොදාගනු ඇත. පාන්ට්ගේ නැවත පැමිණීමත් සමගින් නවසීලන්ත ටෙස්ට් තරඟාවලියේදී කඩුලූ රකින්නා ලෙස කටයුතු කළ රිද්ධිමාන් සාහා නැවත සංචිතයේ සිටින අතිරේක කඩුලූ රකින්නා බවට පත්වේ.

වසර හතරකට පසු නැවත ටෙස්ට් සංචිතයට පැමිණි ජයන්ත් යාදව්, රවිචන්ද්‍රන් අශ්වින් පිටුපසින් සිටින දෙවන ඉදිරිපෙළ දඟ පන්දු යවන්නා ලෙස ඔහුගේ ස්ථානය රඳවා ගත්තේය. ප‍්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා සමඟ වේග පන්දු යවන්නන් 6 දෙනෙකු සංචිතයට ඇතුළත් වේ.

නවසීලන්තයට එරෙහිව ක‍්‍රීඩා කළ චෙටේෂ්වර් පුජාරා, ශ්‍රීයාස් අයියර් සහ අජින්ක්‍යා රහනේ රඳවා ගැනීම නිසා ඉන්දීය මැද පෙළ හුරුපුරුදු පෙනුමක් දරයි.

විහාරි නැවතත් සංචිතයට ඇතුළත් වීමත් සමඟ සූර්යකුමාර් යාදව් ඉවත් කර ඇත.


ඉන්දීය සංචිතය
විරාට් කෝලී (නායක), රෝහිත් ෂර්මා (උපනායක), ලෝකේෂ් රාහුල්, මයන්ක් අගර්වාල්, චෙතේෂ්වර් පුජාරා, අජාන්ක්‍යා රහනේ, ශ්‍රීයාස් අයියර්, හනුමා විහාරී, රිෂාබ් පාන්ට්, රිද්දිමාන් සාහා, රවිචන්ද්‍රන් අශ්වින්, ජයන්ත් යාදව්, ඉෂාන්ත් ෂර්මා, මොහොමඞ් ශාමී, උමේෂ් යාදව්, ජස්ප‍්‍රීට් බුම්රා, ශර්දුල් ඨාකූර්, මොහොමඞ් සිරාජ්.

අතිරේක ක‍්‍රීඩකයෝ
නව්දීප් සයිනි, සෞරබ් කුමාර්, දීපක් චාහර්, අර්සාන් නග්වාස්වල්ලා.

- 2079


අදහස් (0)

ඉන්දීය සංචිතයේ වෙනස්කම් රැසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.