Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දීය ‘ඒ’ පිල අතර මුම්බායිහිදී ඊයේ (5 වැනිදා) පැවැති නිල නොවන සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය ‘ඒ’ පිල සමත්විය.
තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 266 ක් පමණි.
එහිදී පන්දු 102 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 102 ක් රැස්කිරීමට කඩුලූ රකින කී‍්‍රඩක ඩිනේෂ් රැුම්ඩින් සමත්වුවද, කොදෙව් පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් එම දස්කම ප‍්‍රමාණවත් නොවීය.
ඩැරන් සැමී (50) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 121 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ රැම්ඩින්, ජේසන් හෝල්ඩර් (54) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩ නගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
කොදෙව් පිලේ පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට ඉන්දීය ‘ඒ’ පිලේ පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී ධවාන් කුල්කර්ණි ලකුණු 39 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ජස්පි‍්‍රත් බුම්රා සහ කරන් ශර්මා කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පන්දුවෙන් පහරදුන් ඉන්දීය ‘ඒ’ පිල ඕවර 48.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 282 ක් ලබාගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නිරවූ අන්මුක්ත් චන්ද් පන්දු 111 කදී ලකුණු 101 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක්ද සමගිනි.
ඉන්දීය ‘ඒ’ පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් කරුන් නායර් සමග එක්ව (64) පන්දු 123 කදී ලකුණු 149 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද අන්මුක්ත් චන්ද් සමත්විය.
පන්දු 63 කදී වාර්තා වූ කරුන් නායර්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
දිගු නිහැඩියාවකින් පසුව ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකට සහභාගී වූ ජෙරම් ටේලර් ලකුණු 51 කට ලකුණු 3 ක් දවාගත් අතර රවී රාම්පාල්, කේමර් රෝච් සහ කිරන් පොලාඞ් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ඉන්දීය ‘ඒ’ පිල - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 282
(මුරලි විජේ 21, අන්මුක්ත් චන්ද් 101, කරුන් නායර් 64, ගුර්කීරාත් සිං 20, ස්ටුවට් බිනී 15, ජෙරම් ටේලර් 51/3, කිරන් පොලාඞ් 29/2, රවී රාම්පාල් 53/2, කේමර් රෝච් 55/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 266
(මාලන් සැමුවෙල්ස් 24, දිනේෂ් රැම්ඩින් 102, ඩැරන් සැමී 50, ජේසන් හෝල්ඩර් 54, ධවාල් කුල්කර්ණි 39/3, ජස්පී‍්‍රත් බුම්රා 43/2, කරන් ශර්මා 70/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.