Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දු - පාකිස්තානු තරගය හැළෙයි

ඉන්දු - පාකිස්තානු තරගය හැළෙයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 දී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන නිකුත්කර තිබේ. එහිදී 2011 වසරෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය මූලික වටයේදී හමුනොවන පළමු අවස්ථාව වාර්තා වෙයි.

2011 වසරේ සිට මේ දක්වා පැවැති සෑම ලෝක කුසලාන තරගාවලියකදීම ඉන්දියාව සහ පාකිස්තානය මූලික වටයේදී තරග වැදී ඇති අතර ලොව වැඩිම ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් හිමිකරගන්නා තරගය වන්නේද ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි.

ඒ අනුව ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පමණි.

විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අතරේ පාකිස්තාන කණ්ඩායම පළමු ස්ථානයේත් ඉන්දියාව දෙවැනි ස්ථානයේදී රැඳී සිටීම හේතුවෙන් පාකිස්තානය ‘ඒ’ කාණ්ඩය යටතේත් ඉන්දියාව ‘බී’ කාණ්ඩය යටතේත් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

මූලික වටයේදී පාකිස්තානය සමගින් ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, සුදුසුකම් ලබාගන්නා පළමු කණ්ඩායම සහ සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන අතර ඉන්දියාව සමගින් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, සුදුසුකම් ලබාගන්නා තෙවැනි කණ්ඩායම සහ සුදුසුකම් ලබාගන්නා සිවුවැනි කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

විස්සයි20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරාගන්නා කාළය තුළදී ශ්‍රේණිගත කිරීම්හී පළමු 8 දෙනා අතර සිටි කණ්ඩායම් කෙළින්ම තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර 9 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවටත් 10 වැනි ස්ථානයේ සිටි බංග්ලාදේශ කණ්ඩායමටත් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගීවීමට සිදුවන්නේය.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී කණ්ඩායම් 8 ක් තරග වදින අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 12 අතරට එක්වීමට අවස්ථාව හිමිවන්නේය.

තරගාවලිය ආරම්භ කරමින් සත්කාර ඕස්ට්‍රේලියාව ඔක්තෝබර් 24 වැනිදා සිඞ්නිහිදී පාකිස්තානය සමගින් තරග වැදීමට නියමිත අතර එදිනම ඉන්දියාව පර්ත්හිදී දකුණු අප්‍රිකාව සමගින් තරග වැදීමට නියමිතව ඇත. පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් 25 වැනිදා මෙල්බර්න්හිදී නවසීලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත.

තරගාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

අවසන් පූර්ව තරග නොවැම්බර් 11 සහ 12 වැනිදා සිඞ්නි සහ ඇඩිලේඞ් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර නොවැම්බර් 15 වැනිදා මෙල්බර්න්හිදී අවසන් මහා තරගය පැවැත්වේ.

 


අදහස් (0)

ඉන්දු - පාකිස්තානු තරගය හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.