Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ක්‍රිකට් පිලේ හිටපු නායක ඉන්සමාම් උල් හක් මහතා සඳුදා (27 වැනිදා) හවස හෘදයාබාධයකට ගොදුරුවී තිබේ. මෙහිදී ඔහුට ශල්‍යකර්මයක් කිරීමටද සිදුවු බව වාර්තාවේ.
මේ වන විට හිටපු නායකයා සාමාන්‍ය තත්වයේ පසු වුවද වෛදවරුන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ පසුවේ. ඉසාමාම් මහතා පසුගිය දින තුනේදී පපුවේ වේදනාවකින් පසුවුවත් මූලික පරීක්ෂණ වලින් ඒ බව තහවුරුවී නොමැත. නමුත් සඳුදා සිදු කළ පරීක්ෂණ වලදී ඔහු හෘදයාබාධයකට ගොදුරු වී ඇති බව හෙළි විය.
මේ වනවිට 51 හැවිරිදි වියේ පසුවන ඉන්සමාම් මහතා තරග 375 කදී ලකුණු 11,701 ක් රැස්කරමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවා වන්නේය. ටෙස්ට් තරග 119 කදී ලකුණු 8,829 ක් රැස් කරමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තුන්වැනි ස්ථානයේ පසුවන්නේය.
පාකිස්තානය වෙනුවෙන් සාර්ථකත්වයට පත්වූ නායකයන්ගෙන් ඉන්සමාම්ද එක් අයෙකි.
ඉන්සමාම් 2007 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. පසුව 2016 සිට 2019 දක්වා පාකිස්ථාන ජාතික කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙසත්, පසුව ප්‍රධාන තේරීම් කමිටු නිළධාරී වශයෙනුත් තනතුරු කිහිපයක් හොබවා ඇත.
පසුව ඔහු ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.