Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉරියව්ව හදාගන්න හෆීස් චෙන්නායි යවයි

ඉරියව්ව හදාගන්න හෆීස් චෙන්නායි යවයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුව දමා ගැසීමේ වරද මත තරග තහනමකට ලක්ව සිටින පාකිස්තානු ක‍්‍රීඩක මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා චෙන්නායිහි පිහිටි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ අනුමැතිය ලත් පර්යේෂණායතනය වෙත යැවීමට පාකිස්තානු ක‍්‍රිකට් ආයතය තීරණය කර තිබේ.

පාකිස්තානු තේරීම් කමිටුවට අවශ්‍ය වන්නේ මොහොමඞ් හෆීස් නම් තුන් ඉරියව් කී‍්‍රඩකයා මිස මොහොමඞ් හෆීස් නම් පිතිකරුවා නොවේ. එබැවින් නවසීලන්තයට එරෙහිව දැන් පැවැත්වෙමින් තිබෙන එක්දින තරගාවලිියෙන්ද හෆීස්ව ඉවත් කර ගැනීමට පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

”නවසීලන්තය සමග පැවැත්වෙන තරගාවලියෙන් හෆීස්ව ඉවත් කරගෙන ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීම සඳහා චෙන්නායි නුවරට යවනවා” යයි පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශහායර් ඛාන් මහතා සනාථ කළේය.
හෆීස්ගේ පන්දු යැවීම පිළිබඳව මෙම වසරේ (2014) පැවැති චැම්පියන්ස් ලීග් වි:20 තරගාවලිය අතරතුරදීද ප‍්‍රශ්න මතුවූ අතර නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායම සමග අබුඩාබිහි පැවැති පළමු ටෙස්ට් තරගයේදී විනිසුරුවෝ ඒ පිළිබඳව පැමිණිලි කර සිටියහ. අදාළ පැමිණිල්ල අනුව කරන ලද විමර්ශනේදී හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තීන්දු කෙරුණි.

2015 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තානු පිල වෙනුවෙන් තහනමට ලක්වූ දෙවැනි පාකිස්තානු ක‍්‍රීඩකයා හෆීස් වන අතර ඔහුට ප‍්‍රථම සයිඞ් අජ්මාල් ඉකුත් සැප්තැම්බරයේදී තහනමට ලක්වූවේය. අදාළ තහනම මත අජ්මාල් මේ වන විටත් පාකිස්තානු පිලේ හිටපු දගපන්දු යවන්නකු වන සක්ලේන් මුෂ්ටාක් යටතේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ කාර්යයන් වල නිරත වෙමින් සිටියි.

මේ අතර ගතවූ සති අන්තයේදී නිවේදනයක් නිකුත් කළ පාකිස්තානු ක‍්‍රිකට් ආයතනය, අජ්මාල්ට නැවතත් අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අනුමැතිය අවශ්‍ය බවයි. එහෙත් එය එන්න එන්නම ප‍්‍රමාද වෙමින් පවතින්නේ අජ්මාල්ගේ පන්දු යැවීම පිළිබඳව කරන ලද නිල නොවන මට්ටමේ පරීක්‍ෂණයකදී ඔහුගේ පන්දු යැවීම තවමත් පවතින්නේ සැක සහිත සීමාවක වීම නිසා බවද එම නිවේදනයේ සඳහන් විය.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද 30 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු සංචිතයට අජ්මාල්ගේ නම එක් කර තිබේ. එම සංචිතයේ අවසන් 15 දෙනා තේරීම ලබන ජනවාරි 07 වැනි දිනට පෙර කළ යුතුය.

ශ‍්‍රී ලංකා පිට දග පන්දු යවන සචිත‍්‍ර සේනානායක, නවසීලන්ත පිලේ කේන් විලියම්සන් සහ සිම්බාබ්වේ හි ප්‍රොස්පර් උත්සෙයා, යන ක‍්‍රීඩකයන් පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා ලද සෙසු පන්දු යවන්නෝ වෙති. ඔවුන් අතුරින් සේනානායකට සහ විලියම්සන්ට නැවතත් පන්දු යැවීමේ අවසරය දුන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, උත්සෙයාට මද වේග පන්දු යැවීමට අවසරය දුන්නද පිට දග පන්දු යැවීම තහනම් කර තිබේ.


විස්ඩන් ඉන්දියා ඇසුරිනි

ඡායාරූපය - විස්ඩන් ඉන්දියා ඇසුරිනි

- 075

 


අදහස් (0)

ඉරියව්ව හදාගන්න හෆීස් චෙන්නායි යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.