Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉර්ෆාන් පතන්ටත් කොරෝනා

ඉර්ෆාන් පතන්ටත් කොරෝනා

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගියදා අවසන් වූ “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ඉර්ෆාන් පතාන්ටද කොරෝනා වයිරසය වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද පී.සී.ආර් පරීක්‍ෂණයකින් තහවුරු වීම හේතුවෙන් ඉර්ෆාන් පතාන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින්නේය.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් කොරෝනා වයිරසය වැළදුණු සිව්වැනි ක්‍රීඩකයා බවට ඉර්ෆාන් පතාන් පත්විය. මින් දින කිහිපයකට පෙර ඉන්දීය පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්, තුන් ඉරියව් ක්‍රීඩක යූසුෆ් පතාන් සහ සුබ්‍රමනියම් බද්‍රිනාත්ටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බවට කටකතා පැතිර ගියද එම කටකතා අසත්‍ය බව කණ්ඩායම් කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා පවසයි.


- 2079

 


අදහස් (0)

ඉර්ෆාන් පතන්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.