Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේII කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විදුහල ඉරිදා (9 වැනිදා) සමත් විය.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී කුරුණෑගල ශාන්ත ආනා විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 92 ක පහසු ජයක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ තිතිර සන්සිර සහ දසිත් සෙනාල් එහිදී ඉසිපතන විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ශාන්ත ආනා ඉනිම් දෙකේදී සන්සිර ලකුණු 83 කට කඩුලු 9 ක්ද, සෙනාල් ලකුණු 120 කට කඩුලු 8 ක්ද දවාගත් අතර දක්ෂ පිතිහරඹයක නිරත වූ ඉසිපතන විදුහලේ ලෙසඳු කල්පගේ පළමු ඉනිමේදී ලකුණු 45 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 70 ක් රැස්කළේය.
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලු දෙනා දැවී 197
(රුචිත් රොද්‍රිගූ 21, මලීෂ සඳරුවන් 46, ලෙසඳු කල්පගේ 45, චනුල් දිනොත් 21, දිමුතු තාරක 26, යස්මින් ජයසුන්දර 34/3, ශෙහාන් කුමාර 50/3, බසීර් ශකීල් 25/2, කෙවින් නානායක්කාර 47/2)
ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 73.5 කදී සියලු දෙනා දැවී 232
(වගීෂ රණසිංහ 44, දිනුග අබේසේකර 22, කුෂාන් සුබසිංහ 41, ඕෂධ කොඩිකාර 59, ෂෙහාන් කුමාර 35, තිතිර සන්සිර 52/4, දසිත් සෙනාල් 72/4)
ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56.2 කදී කඩුලු 9 ක් දැවී 242
(රුචිත් රොද්‍රිගූ 28, මලීෂ සඳරුවන් 26, දිමුතු තාරක 25, ලෙසඳු කල්පගේ 70, චනුල් දිනෝත් 29, මෙනුල සදෙව් නොදැවී 21, කෙවින් නානායක්කාර 76/5, යස්මින් ජයසුන්දර 57/2)
ශාන්ත ආනා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 63.5 කදී සියලු දෙනා දැවී 115
(බුද්ධිම නන්දසිරි 23, සනුජ දිසානායක 22, තිතිර සන්සිර 31/5, දසිත් සෙනාල් 48/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.