Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උඩපන්දුවේ රැඳුණු කෝටි 10 වාසනාව

උඩපන්දුවේ රැඳුණු කෝටි 10 වාසනාව

ශනුක අරවින්ද - 2015 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී ඊයේ (14 වැනිදා) පැවැති ලෝක කුසලන තරගයේදී තනි අතින් උඩපන්දුවක් රැකගත් පේ‍්‍රක්‍ෂකයකු නවසීලන්ත ඩොලර් මිලියනයක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 10 කට ආසන්න ත්‍යාගයක් දිනාගැනීමේ වාසනාවන්තයකු බවට පත්විය.  

සති හයක් පුරා දිවෙන ලෝක කුසලාන තරගාවලියේ දියත් කෙරෙන ප‍්‍රචාරක වැඩසටහනක් අනුව සකස් කර ඇති තරගයකදී සන්ජේ ගන්ධා නම් වූ මෙම පේ‍්‍රක්‍ෂකයා විසින් අල්ලා ගන්නා ලද උඩපන්දුව රුපියල් කෝටි 10 ක ත්‍යාගයක් දිනගත හැකි තරගයක අපේක්‍ෂකයකු බවට ඔහු පත්කර තිබේ. 

කේන් විලියම්සන් ගැසූ පහරකින් ඉගිළ ගිය පන්දුව හතරේ සීමාවෙන් එපිටට පියාඹා යද්දී ගන්ධා එය තනි අතින් ඩැහැගත්තේ එම උඩපන්දුව රැුකගැනීමට උත්සාහ කළ තවත් අයකු හා පොරට වැටෙමිනි. ගන්ධා විසින් එම උඩපන්දුව රැුකගනු ලැබීමත් සමගම ඔහුට සෙසු නරඹන්නන්ගේ පී‍්‍රතිඝෝෂා සහ අත්පොළසන් හිමිවූ නමුත් ඔහුගේ තරගකරුවා කළකිරුණු නෙතින් අහක බලා සිටියේය. සෙසු නරඹන්නන් ගන්ධා වෙනුවෙන් කොතෙන් පී‍්‍රති ඝෝෂා කළේද යත් එතැන සිටි කාන්තාවක විනෝදයට මෙන් පැවසුවේ ගන්ධා සමග විවාහ විමට තමන් කැමති බවයි. 

සිදුවූයේ කුමක්ද යන්න ඇසූ විට ගන්ධා පිළිතුරු දුන්නේ ”අනේ මට මොකවත් හිතාගන්න බෑ” යනුවෙනි. 

‘ටුයි’ යනුවෙන් හැඳින්වෙන වෙළෙඳ නාමයක් ප‍්‍රචාරය කිරීම  සඳහා මෙම තරගය පැවැත්වෙන අතර එහි ප‍්‍රවර්ධකයන් පවසන්නේ ‘ටුයි’ බැනියමක් මිලදී ඇඳගෙන ලෝක කුසලාන තරග නැරඹීමෙන් මෙම සුවිශේෂී තරගයට අවතීර්ණ වන ලෙසයි. 

හතරේ සීමාවෙන් එපිටට යන පන්දුවක් උඩපන්දුවක් ලෙස තනි අතින් රැුකගැනීමට යම් කිසිවකු සමත් වුවහොත් ඔහුට මෙම ත්‍යාගය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබේ.

මේ වතාවේදී ත්‍යාගය ආරම්භ වන්නේ ඩොලර් ලක්‍ෂ දෙක හමාරකින් හෙවත් රුපියල් කෝටි දෙක හමාරකිනි. එහෙත් නවසීලන්ත පිල ලෝක කුසලාන තරගාවලියේ යන දුර අනුව එය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිකෙරේ. ඒ අනුව ගන්ධා මේ වන විටත් රුපියල් කෝටි දෙක හමාරක හිමිකරුවකු වී සිටින අතර නවසීලන්ත පිල ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ජයගතහොත් ගන්ධා හෝ මෙවන් උඩපන්දු රැකගන්නන්ගේ ත්‍යාග මුදල රුපියල් කෝටි 10 ක් වේ. 

කෙසේ වෙතත් නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරග 23 දී මෙවන් උඩපන්දු ලබාගන්නා අය අතර මෙම ත්‍යාගය බෙදී යයි. 

විලියම්සන්ගේ පහරින් ඉහළ ගිය පන්දුව නරඹන්නන් වෙත ඇදී එමින් තිබියදී ඒ වෙතට පැන්න තවත් අයෙක් සිටියේය. බියර් වීදුරුවක් අතැතිව සිට හැඩිලි ෆිෂර් පන්දුව වෙතට ඇදී ආවේ තවත් නරඹන්නනකුද පෙරළාගෙන වුවත් ඩොලර් මල්ලේ වාසනාව නැවතුනේ ගන්ධා අතය. 

”මේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ හැද දේම තීරණය වෙන්නේ අගළක වෙනසකින් කියලා හැමෝම කියනවා. ඒ කතාව හරි. මට උඩපන්දුව ම`ගහැරුණේත් අ`ගළකින්” යයි හැඞ්ලි ෆිෂර් ‘ස්ටෆ්’ වෙබ් අඩවියට පවසා තිබිණ. 

”මා තවමත් පරාද නෑ. තවත් තරග කිහිපයක් තියෙන නිසා මටත් තව අවස්ථා කිහිපයක් තියෙනවා” යයි තමන්ට ම`ගහරුණු වාසනාව ගැන කුමක් සිතන්නේද යන්න කළ විමසීමකදී ෆිෂර් පවසා තිබිණ.

ස්ටෆ් වෙබ් අඩවිය ඇසුරිනි


අදහස් (0)

උඩපන්දුවේ රැඳුණු කෝටි 10 වාසනාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.