Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උපුල් ඉන්ද්‍රසිරිගෙන් කඩුලු 7 ක්

උපුල් ඉන්ද්‍රසිරිගෙන් කඩුලු 7 ක්

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතියේ තරග අද (14 වැනිදා) ආරම්භවූ අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බී.ආර්.සී පිලට එරෙහිව කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට මීගමුව පිලෙ උපුල් ඉන්ද්‍රසිරි සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බී.ආර්.සී පිල පළමු දිනය අවසන් වනවිට සිය පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ලසිත් ලක්ෂාන් (59) සහ ශානුක දුලාජ් (68) අර්ධ ශතක ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ලිසුල ලක්ෂාන් ලකුණු 49 ක් ලබාගනිමින් බී.ආර්.සී ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

ඕවර 37 ක් යැවූ උපුල් ඉන්ද්‍රසිරි නිලකුණු ඕවර 11 ක් යවමින් ලකුණු 102 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත්විය.

තවත් තරග 5 ක් අද ආරම්භවූ අතර එහිදී එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (නොදැවී 83), කෝල්ට්ස් පිලේ සංතුෂ් ගුණතිලක (67), සී.සී.සී පිලේ මිනෝද් භානුක (නොදැවී 53), යුදහමුදා පිලේ අෂාන් රංදික (77), ලක්ෂාන් එදිරිසිංහ (86), දිනේෂ් චන්දිමාල් (84) සහ දුෂාන් විමුක්ති (නොදැවී 54), ලන්කන් පිලේ ප්‍රිමෝෂ් පෙරේරා (57) සහ කේෂාන් විජේරත්න (51) අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.

කෝල්ට්ස් පිලට එරෙහිව සී.සී.සී පිලේ සොනාල් දිනූෂ කඩුලු 6 ක් සහ ලන්කන් පිලට එරෙහිව රාගම පිලේ ශෂික දුල්ෂාන් කඩුලු 5 ක් දවාගනිමින් අද දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.


බී.ආර්.සී පළමු ඉනිම -  කඩුලු 9 ක් දැවී 282
(ලසිත් ලක්ෂාන් 59, ලිසුල ලක්ෂාන් 49, ශානුක දුලාජ් 68, දේෂාන් ඩයස් 36, උපුල් ඉන්ද්‍රසිරි 102/7)


පැතුම් ශතකය සොයා යයි
එන්.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 133
(පැතුම් නිස්සංක නොදැවී 83, හසිත බෝයගොඩ 33, තිලකරත්න සම්පත් 59/2)


සැරසන්ස් 176
සැරසන්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 176
(පැතුම් මධුසංක 29, සාලිය සමන් 35, චාමිකර එදිරිසිංහ නොදැවී 24, නිමේෂ් විමුක්ති 39/4, චතුරංග කුමාර 25/3, තික්‍ෂිල ද සිල්වා 74/2)


සොනාල්ගෙන් කඩුලු 6 ක්
සී.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 205
(සංතුෂ් ගුණතිලක 67, විෂාද් රංදික 46, ධනංජය ලක්ෂාන් 29, සොනාල් දිනූෂ 55/6, විශ්ව ප්‍රනාන්දු 40/3)
සී.සී.සී පළමු ඉනිම -  කඩුලු 3 ක් දැවී 128
(මිනෝද් භානුක නොදැවී 53, ලසිත් අබේරත්න නොදැවී 24)


යුදහමුදාව 339/6
යුදහමුදාව සහ මූවර්ස් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 349
(අෂාන් රංදික 77, ලක්ෂාන් එදිරිසිංහ 86, දිනේෂ් චන්දිමාල් 84, දුෂාන් විමුක්ති නොදැවී 54, යසෝධ මේන්ඩිස් නොදැවී 26, ධනුෂ්ක රණසිංහ 67/4)


දුල්ෂාන්ගෙන් කඩුලු 5 ක්
ලන්කන් සහ රාගම කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 205
(ප්‍රිමෝෂ් පෙරේරා 57, කේෂාන් විජේරත්න 51, සහන් නානායක්කාර නොදැවී 20, ශෂික දුල්ෂාන් 26/5, අමිල අපෝන්සු 42/2)
රාගම පළමු ඉනිම -  කඩුල්ලක් දැවී 33
(ළහිරු තිරිමාන්න නොදැවී 21)

 


අදහස් (0)

උපුල් ඉන්ද්‍රසිරිගෙන් කඩුලු 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.