Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පිතිකරුවෝ හිස් ඔසවාගනිති

එංගලන්ත පිතිකරුවෝ හිස් ඔසවාගනිති

Dilrukshi - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 354 ක් ලබා සිටියේය.

එංගලන්තයට පැමිණෙන විට නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස බී. ජේ. වොට්ලින් නම් කර තිබුණද යළිත් බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වය යටතේ නවසීලන්ත පිල මෙම ටෙස්ට් තරගයට සහභාගි වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත නායකයා පළමුව පන්දු යැවීම තෝරා ගනිමින් එංගලන්තයේ පළමු කඩුලූ හතර ලකුණු 30 කදී පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

කඩා වැටුණු එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට සබඳතාවක් පිහිටවූ ජෝ රූට් සහ බෙන් ස්ටෝක්ස් පස්වැනි කඩුල්ලට පන්දු 191 කදී ලකුණු 161 ක් එක් කළේය.

එහිදී තරමක වේගවත්  ඉනිමක් දියත් කළ බෙන් ස්ටොක්ස් පන්දු 94 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමග ලකුණු 92 ක් ලබා සිටියදී මාර්ක් ක්‍රෙග්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව 191 දක්වා ඉහළ ගොස් තිබිණි. ස්ටෝක්ස් තවත් ලකුණු 8 ක් ලබා ගත්තේ නම් ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය සහ ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කළ ක‍්‍රීඩකයන් අතරට එක්වීමට අවස්ථාව තිබිණි.

මෑත කාලයේ එංගලන්ත පිලේ ගැලවුම්කාරයා බවට පත්ව සිටින ජෝ රූට්ට සිය හත්වැනි ටෙස්ට් ශතකයට ලකුණු  2 මෙපිටින් සිටියදී මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ටොම් ලෙතම් උඩපන්දුවක්  රැක ගැනීමෙන් දැවී ගියේය. පන්දු 161 ක් පුරා කඩුල්ල රැක ගත් ජෝ රූට් සිය ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත්කර ගැනීමට සමත් විය. ඔහු ජොස් බට්ලර් සමග හයවැනි කඩුල්ලට පන්දු 118 කදී ලකුණු 60 ක් එක් කළේය. පන්දු 126 කදී හතරේ පහර නවයක් සමග ලකුණු  67 ක් රැස් කළ බට්ලර් වාර්තා කළේ තමාගේ සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකය වේ.

එංගලන්ත එක්දින පිලේ ආරම්භක පිතිකරුවා වන මොයින් අලී ටෙස්ට් තරගයේදී අංක අට පිතිකරුවා ලෙස පැමිණ පන්දු 92 කදී හතරේ පහර අටක් සමග දෙවැනි ටෙස්ට් අර්ධ ශතකයට එක් ලකුණු මෙපිටින් කඩුල්ලේ රැදී සිටියේය. මොයින් අලී සහ ජොස් බට්ලර් හත්වැනි කඩුල්ලට ලකුණු 103 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. නවසීලන්ත පිල වෙනුවෙන් පළමු දිනයේදී ටේ‍්‍රන්ට් බෝල්ට් සහ මැට් හෙන්රි එකතුව පන්දුවාර 48 ක් යවමින් ලකුණු 163 කට කඩුලූ පහක් බිද දැමූහ.

එංගලන්තය  ඕවර 90 කදී කඩුලූ 7ට ලකුණු 354 යි.
(ඇලිස්ටෙයාර් කුක් 16, ජෝ රූට් 98, බෙන් ස්ටෝක්ස් 92, ජෝස් බට්ලර් 67, මොයින් අලී නොදැවී 49, ටේ‍්‍රන්ට් බෝල්ට් 70/2, ටිම් සවුති 82/1, මැතිව් හෙන්රි 93/3, මාර්ක් ක්‍රෙග් 77/1)

-033
 

 

 


අදහස් (0)

එංගලන්ත පිතිකරුවෝ හිස් ඔසවාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.