Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත සීමිත ඕවර නායකත්වය හැරීට

එංගලන්ත සීමිත ඕවර නායකත්වය හැරීට

editorial - 2025 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)

එංගලන්ත සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා ලෙසින් තරුණ පිතිකරු හැරී බෲක් පත්කර තිබේ. ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් එංගලන්තය කලින් ඉවත් වීමෙන් පසු ජොස් බට්ලර් නායකත්වයේ ඔටුන්න බිම දමා යන්න ගියේය. එයින් ඇතිවූ පුරප්පාඩුව සඳහා හැරී බෲක් පත්කර ඇත. බට්ලර්ගේ ඉල්ලා අස්වීමෙන් මාසයකට පසුව බෲක් නායකත්වයට පත්කර තිබේ. 

පසුගිය වසරේ එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකටම පිවිසි හැරී බෲක් එංගලන්තයේ සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නිත්‍ය සාමාජිකත්වය හිමිකර ගත්තේය. පසුගිය වසරේදීත්  ඕස්ටේ්‍රලියාව හමුවේ ආබාධයකට ලක්වූ බට්ලර් පිටියෙන් ඉවත් වූ පසුව, හැරී බෲක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. 

එම තරඟාවලියේදී සිය පළමු එක්දින ශතකය වාර්තා කළ 26 හැවිරිදි බෲක්, ඉකුත් ශීත ඍතුවේ දී ඉන්දියාවේ සංචාරය කිරීමට පෙර සීමිත ඕවර කණ්ඩායම්වල උප නායකයා ලෙස නම් කරන ලදි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ හැරී බෲක් 2018 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත 19 න් පහළ කණ්ඩායම මෙහෙයවා තිබීමයි. 

බෲක් කුඩා කාලයේ සිටම එංගලන්තයේ නායකත්වය දැරීම ගැන සිහින මවමින් සිටි අයෙකි. 

“එංගලන්තයේ සීමිත ඕවර නායකයා ලෙස නම් කිරීම මට සැබෑම ගෞරවයක්.”
“මම කුඩා කොල්ලෙකුව සිටි කාලයේ, ඒ කියන්නේ වෝර්ෆෙඩේල් හි ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ සිටම, යෝක්ෂයර් කණ්ඩායම නියෝජනය කිරීමටත්, එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත්, සමහර විට කවදා හෝ එංගලන්ත කණ්ඩායමට නායකත්වය දීමටත් සිහින මැව්වා. දැන් එම අවස්ථාව මට ලැබී තිබෙනවා” යයි නායකත්වයට පත්වීමෙන් පසුව හැරී බෲක් පැවසීය. 

බට්ලර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු නායකත්වය බාරගනු ඇතැයි වැඩිදෙනාගේ තේරීම වූයේ බෲක් ය. නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් පැතිර ගිය අනෙකුත් කටකතා අතරට හිටපු නායක බෙන් ස්ටෝක්ස්ගේ නමත් ඈඳී තිබිණ. එහෙත් ස්ටෝක්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ක්‍රීඩකයෙකි. 

ස්ටෝක්ස් අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2023 ලෝක කුසලාන තරගාවලියේදීය. ඔහුගේ අවසන් විස්සයි-20 තරගය වූයේ 2022 ලෝක කුසලාන තරගාවලියයි. හිටපු ටෙස්ට් නායක ජෝ රූට්ගේ නමත් ඇතැමුන්ගේ කතා බහට ලක්වූ නමුත් පළපුරුදු පිතිකරුවා කල් තබාම තරඟයෙන් ඉවත් විය.

2023 ට පෙර සීමිත ඕවර කාණ්ඩ දෙකේදීම ලෝක කුසලාන රැඳුණේ එංගලන්තය අතය. එංගලන්තය 2019 දී එක්දින ලෝක කුසලාන දිනාගත් අතර 2022 දී විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්තේය. එහෙත් පසුව එක්දින සහ විස්සයි-20 ආකෘති දෙකේදීම වේගයෙන් පහත වැටිණ. 

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ හත්වන ස්ථානයට පත් එංගලන්තය 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී දුර්වල ක්‍රීඩා විලාසයකින් පසුව පරාජයට පත් විය. 

හැරී බෲක්ගේ කාර්යය වන්නේ වැටුණු එංගලන්ත පිල ගොඩ ගැනීමයි.


- 213


අදහස් (0)

එංගලන්ත සීමිත ඕවර නායකත්වය හැරීට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.