Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය කඩුලු 4 කට 278 යි
අළු බඳුන - 2023

එංගලන්තය කඩුලු 4 කට 278 යි

editorial - 2023 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියේය. ඒ වන විට හැරී බෘක් නොදැවී ලකුණු 45 ක්ද, නායක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 17 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

සැක් ක්‍රොව්ලි (48) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙන් ඩුකට් (98), ඉන් නොනැවතී ඔලී පෝප් (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ජොෂ් හෙසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනී දැවීයන විට ඩුකට්ගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ.

නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ක්‍රොව්ලි දැවීයෑමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටුණ අතර දෙවැනි කඩුල්ල ලෙස පෝප් දැවී ගියේ කැමරන් ග්‍රීන්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමිනි. ක්‍රොව්ලිගේ ඉනිමට හතරේ පහර 5 ක්ද, පෝප්ගේ ඉනිමට හතරේ පහර 4 ක්ද ඇතුළත් වූ අතර හැරී බෘක් ලකුණු 50 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

පළමු දිනය වූ පෙරේදා (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 339 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවෝ, ඊයේ සිය පළමු ඉනිමට තවත් ලකුණු 77 ක් එක්කර ගත්හ. එහිදී සිය 31 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ස්ටීවන් ස්මිත්, හතරේ පහර 15 කින් එය සැරසුවේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ට්‍රැවීස් හෙඩ් පන්දු 73 කින් ලකුණු 77 ක් රැස්කළේ හතරේ පහර 14 ක් සමගිනි.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 416
(ඩේවිඩ් වෝනර් 66, උස්මාන් කවාජා 17, මානස් ලැබුෂේන් 47, ස්ටීවන් ස්මිත් 110, ට්‍රැවීස් හෙඩ් 77, ඇලෙක්ස් කේරි 22, පැට් කමින්ස් 22, ජොෂ් ටන්ග් 98/3, ඔලී රොබින්සන් 100/3, ජෝ රූට් 19/2)

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 278
(සැක් ක්‍රොව්ලි 48, බෙන් ඩුකට් 98, ඔලී පෝප් 42, හැරී බෘක් නොදැවී 45, බෙන් ස්ටෝක්ස් නොදැවී 17)  

-036


අදහස් (0)

එංගලන්තය කඩුලු 4 කට 278 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.