Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය කඩුලු 7 කින් ජය ලබයි

එංගලන්තය කඩුලු 7 කින් ජය ලබයි

editorial - 2023 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ නවසීලන්තය අතර චෙස්ටර්ලේ ස්ටී්‍රට්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 14 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. 

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 43 ක් රැස්කළ හැරී බෘක් එංගලන්තය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා බෘක්ට අනගි සහායක් දුන් ඩේවින් මැලන් පන්දු 42 කින් ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බ්‍රයිඩන් කාස් සහ ලුක් වුඩ් කඩුලු 3 බැගින් දවාගනිමින් නවසීලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දායකත්වය දැක්වූහ. 

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 139 
(ෆින් ඇලන් 21, ග්ලේන් පිලිප්ස් 41, ඉෂ් සෝධි 16, බ්‍රයිඩන් කාස් 23/3, ලුක් වුඩ් 37/3) 

එංගලන්තය - ඕවර 14 කදී කඩුලු 3 ක් දැවී 143
(විල් ජැක් 22, ඩේවිඩ් මැලන් 54, හැරී බෘක් නොදැවී 43) 

-036  


අදහස් (0)

එංගලන්තය කඩුලු 7 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.