Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය කඩුලූ 6 ට 226 යි

එංගලන්තය කඩුලූ 6 ට 226 යි

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියව සහ එංගලන්තය අතර මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ සිවුවැනි ‘අළු බඳුන’ ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා විට එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 226 ක් දක්වා ඉහළ දමාගැනීමට සමත්ව සිටියේය.

ඉතාමත් දැඩි අරපරෙස්සම්කාරී ඉනිමක් කී‍්‍රඩා කරමින් සිටි කෙවින් පීටසන් නොදැවී ලකුණු 67 ක් ලබා සිටි අතර අංක 7 පිතිකරු ටිම් බ්‍රෙස්නන් නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය.

නායක කුක් සහ කාබෙරි දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් කුක් පිටියෙන් ඉවත් කිරීමට සිඞ්ල් සමත් විය.

කාසියේ වාසිය දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පැවැති තත්ත්වය වටහා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා එංගලන්ත පිල පිටියට යැවීය. මෙල්බර්න් කී‍්‍රඩාංගණයට ඉහළින් මන්දාරම් අහසක් තිබියදීත් මෙම තරගය නැරඹීහ සඳහා පේ‍්‍රක්‍ෂකයෝ 84,000 කට වැඩි පිරිසක් පැමිණ සිටිති.

එංගලන්තය පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 226
ඇලිස්ටෙයාර් කුක් 27, මයිකල් කාබෙරි 26, ජෝ රූට් 24, කෙවින් පීටසන් නොදැවී 67, ඉයන් බෙල් 27, බෙන් ස්ටෝක්ස් 14, රයන් හැරිස් 32/2, මිචෙල් ජොන්සන් 59/2, පීටර් සිඞ්ල් 27/1, ෂේන් වොට්සන් 11/1)


අදහස් (0)

එංගලන්තය කඩුලූ 6 ට 226 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.