Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 8 කට පසු පළමු වරට එංගලන්ත කණ්ඩායම සඳහා ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු යොදා ගැනීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ටෙස්ට් කණ්ඩායම සඳහා එක් ප්‍රධාන පුහුණුකරුවකුද, සීමිත ඕවර කණ්ඩායම් සඳහා තවත් ප්‍රධාන පුහුණුකරුවකු ද තෝරා ගැනීමට නියමිතව ඇත.
රොබ් කී මහතා ක්‍රිකට් කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමෙන් පසු පුහුණුකරු භූමිකාව දෙකට බෙදීමේ තීරණය අපේක්ෂා කළේය. දැන් එය නිල වශයෙන් තහවුරු වී ඇත.
එංගලන්ත කණ්ඩායමේ මීළඟ ටෙස්ට් තරගාවලිය ජුනි 2 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භවන අතර ඔවුන්ගේ මීළඟ සීමිත ඕවර තරගාවලිය ජුනි 17 වැනිදා නෙදර්ලන්තයේදී ආරම්භ වේ.
මින් පෙර 2012 සිට 2014 දක්වා කාළය තුලදී ඇන්ඩි ෆ්ලවර් ටෙස්ට් කණ්ඩායමෙත්, ඇෂ්ලී ජයිල්ස් සීමිත ඕවර කණ්ඩායම්හීත් ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළහ. නමුත් ප්‍රධාන පුහුණුකරු භූමිකාව බෙදීයාමෙන් දැඩි දුෂ්කරතාවයන් ඇතිවූ අතර හොඳම ක්‍රීඩකයන් සීමිත ඕවර තරගාවලියන්හිදී විවේක ගන්වන ලදි. එහෙත් මේ වනවිට එංගලන්ත සීමිත ඕවර කණ්ඩායම් වලින් අපේක්‍ෂා කරන දක්ෂතා මට්ටම සැලකිය ලෙස ඉහළ ගොස් ඇත.
ග්‍රැහැම් ෆෝඩ් ටෙස්ට් පුහුණුකරු ධූරය සඳහා ඉදිරිපත් වී ඇති අතර ඔහුට අමතරව ගැරී කර්ස්ටන්, පෝල් කොලින්වුඩ්, සයිමන් කැටිච් සහ ටොම් මූඩි යන මහත්වරුන්ද ප්‍රධාන පුහුණුකරු ධූරයන් සඳහා ඉල්ලුම් කර ඇත.
මේ වනවිට අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරන පෝල් කොලින්වුඩ් යටතේ මෙම වසර මුලදී කැරිබියන් දූපත්හී පැවැති විස්සයි20 සහ ටෙස්ට් තරඟාවලි දෙකම එංගලන්තය පරාජයට පත්විය.
මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවකු වන ගැරී කර්ස්ටන් මහතා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගැනීමට සූදානම් බව දැනගන්නට තිබේ. මේ වනවිට ගැරී කර්ස්ටන් මහතා ගුජරාට් ටයිටන්ස් පිලේ පිතිහරඹ පුහුණුකරු සහ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.