Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට කැපූ වළේ ඕස්ටේ‍්‍රලියාවම වැටෙයි

එංගලන්තයට කැපූ වළේ ඕස්ටේ‍්‍රලියාවම වැටෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වූ පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ කඩුලූ 4 ක් දිවා ආහාරයට පෙරම දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වන විට  ඕස්ටේ‍්‍රලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 94 ක් පමණි.

එංගලන්තයට එරෙහිව 5-0 ක තරගාවලි ජයක් සොයා යමින් සිටින  ඕස්ටේ‍්‍රලියානු පිලට කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමටද සිදුවිය. ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවකින් ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු 16 කට දැවී ගිය නමුත් ඔහු ඒ වන විටත් මෙම තරගාවලියේදී ලකුණු 500 සීමාව පසුකර තිබිණ.

ලකුණු 22 දී වෝනර් දැවී යාමෙන් පසුව කි‍්‍රස් රොජර්ස් සහ ෂේන් වොට්සන් ඉදිරියට ගියද හෝරාවක් ඇතුළත රොජර්ස්ද පිටියෙන් ඉවත් විය. දිවා ආහාරයට පෙර යැවුණු අවසන්  ඕවරයේදී ෂේන් වොට්සන් දැවී යාමෙන් පසුව සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු පිල අමාරුවේ දැමීමට වේග පන්දු යවන්නන් තිදෙනා වන ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ බෙන් ස්ටෝක්ස් තිදෙනා සමත් වූහ.

එංගලන්තය අමාරුවේ දැමීම සඳහාම සිඞ්නි පිටියේදී තණකොළ සහිත තණතීරුවක් සූදානම් කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ අනුන්ට ඇටවූ උගුළේ තමන්ම සිරවූහ.

මේ වන විටත් තරගාවලියේ 4-0 ක් ලෙසින් පරාජය වී සිටින එංගලන්තය වෙනුවෙන් අද දිනයේ නවකයෝ තිදෙනෙක් ටෙස්ට් වරම් දිනාගෙන සිටිති.

මැද පෙළ පිතිකරු ගැරී බැලන්ස්, පා දග පන්දු යවන කී‍්‍රඩක ස්කොට් බ‍්‍රැත්වික් සහ වේග පන්දු යවන බොයිඞ් රැුන්කින් ඔවුන් තිදෙනාය. මෙම තරගාවලියේදී ටෙස්ට් තරග 5 ක් සඳහා කී‍්‍රඩකයන් 18 දෙනකු එංගලන්ත පිල නියෝජනය කර තිබේ. එහෙත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ කිසිදු වෙනස්කමක් නැත.


අදහස් (0)

එංගලන්තයට කැපූ වළේ ඕස්ටේ‍්‍රලියාවම වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.