Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට ලකුණු 13 ක ජයක්

එංගලන්තයට ලකුණු 13 ක ජයක්

editorial - 2021 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජොස් බට්ලර්ගේ (පන්දු 51 කින් ලකුණු 73 යි) ප්‍රහාරාත්මක ඉනිමත්, මාක් වුඩ්ගේ පන්දු යැවීමත් (23/4) හේතුවෙන් අබුඩාබියේ ටොලරන්ස් ඕවල් පිටියේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන පුහුණු තරගයකදී එංගලන්තය විසින් නවසීලන්තය පරදවා ලකුණු 13 ක ජයක් ලබාගත්තේය. 

ආරම්භක පිතිකරු ජේසන් රෝයි මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගිය නමුත් පසුනොබෑ එංගලන්ත පිතිකරුවෝ නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 163 ක් ලබාගත්හ. 

ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිල 7 වැනි ඕවරයේදී කඩුල්ලක් දැවී ලකුණු 66 ක් ලබා සිටියද මාටින් ගප්ටිල් දැවී යාමත් සමගින් මැද පෙළ කඩා වැටිණ. 15 වැනි ඕවරයේදී 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක් එක්කළ ටොඩ් ඇස්ට්ල් සහ ඉෂ් සෝධි දෙදෙනා ජයග්‍රහණය එංගලන්තයෙන් උදුරා ගැනීමේ උත්සාහයක නිරත වූ නමුත් ක්‍රිස් වෝක්ස් හමුවේ එය නිරර්ථක විය. 

එංගලන්තය - ඕවර 20 කදී කඩුල 6 ට 163 යි

(ජොස් බට්ලර් 73, ඩේවිඩ් මලාන් 11, ඔයින් මෝගන් 10, ජොනී බෙයාර්ස්ටෝ 30, සෑම් බිලිංග්ස් නොදැවී 27, ඉෂ් සෝදි 26/3) 

නවසීලන්තය - ඕවර 19.2 කදී 150 යි

(මාටින් ගප්ටිල් 41, ඩෙවොන් කොන්වේ 20, ටිම් සවුති 10, ඉෂ් සෝධි නොදැවී 25, ටොඩ් ඇස්ට්ල් 16, මාක් වුඩ් 23/4, අදිල් රෂීඩ් 18/3)

- 213

 


අදහස් (0)

එංගලන්තයට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.