Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේගපන්දු යවන්නන්ට වැඩි වාසි ගෙනදුන් බි‍්‍රස්බේන් තණතීරුවේදී අද පැවැති කාල්ටන් මිඞ් තුන්කොන් එක්දින තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලූ 9 ක පහසු ජයක් ලබාගැනීමට එංගලන්තය සමත් විය. ඉන්දීය පිල ලකුණු 153කට සීමා කළ එංගලන්තය ඕවර 27.3 කදී කඩුල්ලක් පමණක් දැවී ජය අත්කර ගත්තේ ප‍්‍රසාද ලකුණක් ද සමගිනි.
ඒ අනුව ඉන්දීය පිල මෙම තරගාවලියේදී සහභාගි වූ තරග දෙකම පරාජය වීම නිසා ප‍්‍රසාද ලකුණු සටහනේ පතුළටම වැටී සිටී.
එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ඉයන් බෙල් නොදැවී ලකුණු 88ක් රැුස් කරමින් සිය කණ්ඩායමේ ජය මාවත විවර කළේ දෙවැනි කඩුල්ලට ජේම්ස් ටේලර් සමග එක්ව ලකුණු 131 ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩනගමිනි. සිය එක්දින තරග දිවියේ තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළ ටේලර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 56 කි.
දිවා/රාතී‍්‍ර තරගයක් වූවත් අද තරගය නිමාවට පත්වූයේ බි‍්‍රස්බේන් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට අඳුර වැටීමටත් පෙරය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ දී සිය සුපුරුදු රිද්මයට පිවිසි ස්ටීව්න් ෆින් සහ ජේම්ස් ඇන්ඩර්සන් එක්ව කඩුලූ 9 ක් බෙදාහදා ගත්තේ ඉනිම නිමාවීමට තවත් ඕවර දහයක්ම ඉතිරිව තිබියදීය.
අද තරගයට ඉන්දීය පිල එක්වී සිටියේ ලකුණු අතරේ සිටින ඔවුන්ගේ ප‍්‍රබලතම තුරුම්පුව වන රෝහිත් ෂර්මා නොමැති අවදානම කරපින්නාගෙනය. මීට පෙර මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අනර්ඝ ශතකයක් ලබාගත් ෂර්මාට මේ තරගයෙන් විවේක ගැනීමට සිදුවූයේ ඔහුගේ කළවා පෙදෙසේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.
අජින්ඛ්‍යා රහානේ සමග ඉනිම ඇරැුඹූ ශිකාර් ධවාන් (1) වේලාසන දැවීගියේ මේ සංචාරය පුරාම ඉන්දිය පිලේ ආරම්භක පිතිකරු යුගලයේ අසාර්ථකත්වය නැවත වරක් පෙන්නුම් කරමිනි. ෂර්මාගේ අඩුව පුරවමින් අනතුරුව පිටියට පැමිණි අම්බටි රයිය¥ (23) හා එක්වූ රහානේ (33) ගොඩ නැගූ ලකුණු 56ක සම්බන්ධතාව බිඳ දමමින් සිය කඩුලූ දඩයම ආරම්භ කළ ෆින් ඔහුගේ ඊළඟ ඕවරයේ දී විරාත් කෝලි ලකුණු 4කට දවාලීය.
කඩුල්ලක් දැවී ලකුණු 57ක්ව තිබූ ඉන්දීය ලකුණු පුවරුව වැඩිවේලා යාමට පෙර කඩුලූ 5 කට 67ක් දක්වා වෙනස් විය.
අනතුරුව නායක දෝනි හා ස්ටුවර්ට් බිනි එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඉන්දීය ඉනිම පිළිසකර කළද 37 වැනි ඕවරය යැවීමට ස්ටීවන් ෆින් යළි කැඳවිමත් සමග සියල්ල වෙනස්විය. එම ඕවරයේ පළමු පන්දුවෙන් දෝනි (34) දවාගත් ෆින් සිය පස්වැනි කඩුල්ල ලෙස ඊළඟ පන්දුවෙන් නවක පිතිකරු අක්ෂර් පතෙල්ගේ කඩුල්ල බිඳ දැමුවේය.
ඉන්දීය මැදපෙළ පිතිකරුවන් ෆින් ඉදිරියේ එසේ දැවීයද්දී අගපෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ජේම්ස් ඇන්ඩර්සන් 40 වැනි ඕවරය යවමින් පිට පිට කඩුලූ දෙකක් බිඳ දමා ඉනිම නිමාවට පත්කළේය. ඉන්දීය පිලේ අවසන් කඩුලූ පහ ලකුණු 16ක් තුළදී බිඳ වැටිණ.
ඉන්දියාව - ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 153
(අජින්ක්‍යා රහානේ 33, අම්බයි රයියදු 23, මහේන්ද්‍ර සිං දෝනි 34, ස්ටුවර්ට් බිනී 44, ජේම්ස් ඇන්ඩසන් 18/4, ස්ටීවන් ෆින් 33/5)
එංගලන්තය - ඕවර 27.3 කදී කඩුල්ලක් දැවී 156
(ඉයන් බෙල් නොදැවී 88, ජේම්ස් ටේලර් නොදැවී 56)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.