Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(වාරියපොල - රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
එකම පාසලේත් එකම ක්‍රීඩා සමාජයේත් ක්‍රීඩකයන් ලෙස කල් ගෙවූ විනිසුරුවන් දෙදෙනකු දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ එකම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කිරීමේ දුර්ලභ අවස්ථාව ඉකුත්දා ලබා ගත්හ.
පන්නිපිටිය ධර්මපාල විදුහලේ එකම ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ පසුව පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ එකට ක්‍රීඩා කළ ඔවුන් දෙනො අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවන් වන රවීන්ද්‍ර විමලසිරි හා දීපාල් ගුණවර්ධන යන මහත්වරුන්ය.
එහිදී රවීන්ද්‍ර, ධර්මපාල විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර දීපාල් එහි උප නායකත්වය දරා තිබේ.
මොවුන් දෙදෙනාම පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමේදී එහි නායකත්වය දැරීමට ද සමත්ව තිබේ.
මෙසේ එකම පාසලේ හා එකම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ සමකාලිනයන් දෙදෙනකු ප්‍රධානතම තරගාවලියක එකම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කර ඇත්තේ පළමු වතාවට බව විකිපීඩියා මූලාශ්‍ර වාර්තා කරයි.
මොවුන් දෙදෙනාම ජාත්‍යන්තර එක්දින හා විස්සයි-20 තරග රැසක විනිසුරුවන් ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස රවීන්ද්‍ර විමලසිරි මහතා දැනටත් සේවය කරයි. ඒ අතර දීපාල් ගුණවර්ධන මහතා පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස කටයුතු කළ විශ්‍රාම ගිය අයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.