Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති 27 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් පානදුර ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ කඩුලු පහක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී සුමංගල විදුහල වාර්ෂික එක්දින තරග ජය ලැබූ 13 වැනි වසර මෙය වන අතර මොරටු මහ විදුහල තරග 11 ක් ලබා සිටියේය.
ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 109 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 34.3 කදී කඩුලු පහක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු ප්‍රභාත් ජයසේකර පන්දු 60 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශ්‍රී සුමංගල විදුහල් පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් මොරටු මහ විදුහල් ඉනිම ලකුණු 108 කට සීමා කිරීමට සමත් වූහ.
නායක නිෂාන් මධුෂ්ක යම් තරමකට හෝ සාර්ථක වෙමින් පන්දු 61 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් මොරටු මහ විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මොරටු මහ විදුහල් පිතිකරුවන් නව දෙනකුම ලකුණු දහයේ සීමාව පසුකිරීමට අපොහොසත්වීම කැපී පෙනේ.
විශ්ව ළහිරු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් 19 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය. ශ්‍රී සුමංගල විදුහලේ විශ්ව ළහිරු තරගයේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, ශානදිත් ප්‍රනාන්දු දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, මොරටු මහ විදුහල් පිලේ නිශාන් මධුෂ්ක දක්‍ෂතම පිතිකරු ලෙස ද, සම්මාන ලැබූහ.
මොරටු මහ විදුහල ඕවර 42 කදී සියලු දෙනා දැවී 108
(නිෂාන් මධුෂ්ක 36, මධුෂාන් දිලක්‍ෂණ 18, පූර්ණ ප්‍රභාත් 17/2, විශ්ව ළහිරු 19/4, අනුක ජයසිංහ 23/2)
ශ්‍රී සුමංගල විදුහල ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 109
(ප්‍රභාත් ජයසේකර 27, මිහිරංග ප්‍රනාන්දු 20, ජනිඳු ඉඳුවර 17, ශානදිත් ප්‍රනාන්දු නොදැවී 22, විශ්ව දිදුලන 23/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.