Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගයේ ජය ශාන්ත ජෝෂප්ට

එක්දින තරගයේ ජය ශාන්ත ජෝෂප්ට

editorial - 2021 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජය ලැබූ ශාන්ත ජෝෂප් කණ්ඩායම

(ශානුක අරවින්ද)

පිට දඟ පන්දු යවන කී‍්‍රඩක ළහිරු අමරසේකරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැති 47 වැනි වාර්ෂික එක්දින තරගය ලකුණු 85 කින් ජයගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. බ‍්‍රහස්පතින්දා පැවැති මෙම තරගය ජයගැනීමට ශාන්ත ජෝෂප් පිල සමත් වූයේ සිය කණ්ඩායමේ ප‍්‍රබලම කී‍්‍රඩකයන් තිදෙනකු නොමැතිවය.

ශාන්ත ජෝෂප් නායක දුනිත් වෙල්ලාලගේ, ෂෙවොන් ඩැනියෙල් සහ සදීෂ් ජයවර්ධන තිදෙනාම ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන හෙයින් මෙම තරගයට සහභාගි නොවූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල  ඕවර 35.2 ක් ලකුණු 115 කට සීමා කිරීමට ළහිරු ප‍්‍රමුඛ ශාන්ත ජෝෂප් පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ වීරයා බවට පත්වූ ළහිරු, සිය  ඕවර 10 ලකුණු 36 කට සීමා කරමින් කඩුලූ 5 ක් දවාගත්තේය. එහිදී ශාන්ත පීතර ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ළහිරුට අනගි සහායක් දුන් දේෂාන් සෙනෙවිරත්න සහ යෙසිත් රූපසිංහ කඩුලූ 2 බැගින් දවාගත්හ.

ශාන්ත පීතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ෂෙනාල් බොතේජු පන්දු 59 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක් රැස්කළේය. ඉතා ඉවසිලිවන්ත ඉනිමක් කී‍්‍රඩා කළ නායක නිපුනක ෆොන්සේකා හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් රැස්කළේ පන්දු 69 කට මුහුණ දෙමිනි. කෙසේ වුවත් පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවීයෑම ශාන්ත පීතර කණ්ඩායමට විශාල පාඩුවක් විය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් කණ්ඩායම  ඕවර 49.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 200 ක් ලබාගත්තේය. එහිදී හිරාන් ජයසුන්දර (58) සහ මිතිර තේනුවර (52) අර්ධ ශතක ලබාගනිමින් ජෝෂප් ඉනිම සවිමත් කළහ. ඔවුන් දෙදෙනා එක්ව ශාන්ත ජෝෂප් ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 163 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූහ.

තරගයේ දක්ෂතම පිතිකරුවා බවට පත් වූ හිරාන්, පන්දු 101 කදී ලබාගත් සිය අර්ධ ශතකය හතරේ පහර 4 කින් සැරසූ අතර පන්දු 89 කදී වාර්තා වූ මිතිරගේ අර්ධ ශතකය හතරේ පහර 3 කින් සමන්විත විය. දිනාල් අනුරාධ පන්දු 39 කදී ලකුණු 30 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 ක් දක්වා ඔසවා තැබීය.

උඩ පන්දු 3 ක් රැුකගනිමින් ස්ටම්ප් කිරීමකටද දායකත්වය ලබාදුන් ශාන්ත ජෝෂප් කණ්ඩායමේ නායක ෂෙරාන් ෆොන්සේකා දක්ෂතම පන්දු රකින්නා ලෙසත්, නිලකුණු  ඕවර 2 ක් සමග  ඕවර 10 ලකුණු 35 කට සීමා කරමින් කඩුලූ 4 ක් දවාගත් ශාන්ත පීතර කණ්ඩායමේ දනාල් හේමනන්ද දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ.


ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 200
(ෂෙරාන් ෆොන්සේකා 18, හිරාන් ජයසුන්දර 58, මිතිර තේනුවර 52, දිනාල් අනුරාධ 30, දනාල් හේමනන්ද 35/4, චමෙල්ක ද සිල්වා 27/2, නිමුතු ගුණවර්ධන 29/2)
 
ශාන්ත පීතර විදුහල -  ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී 115
(ෂෙනාල් බොතේජු 48, නිපුනක ෆොන්සේකා 31, දනාල් හේමනන්ද 14, ළහිරු අමරසේකර 36/5, දේෂාන් සෙනෙවිරත්න 14/2, යෙසිත් රූපසිංහ 17/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය ශාන්ත ජෝෂප්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.