Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලිය 15 දා සිට

එක්දින තරගාවලිය 15 දා සිට

editorial - 2022 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වැනිදාත්, පළමු පෙළ (තෙදින) ක්‍රිකට් තරගාවලිය ජූලි 1 වැනිදාත් ආරම්භ කිරීමට නියමිතව ඇත. කණ්ඩායම් 26 ක සහභාගිත්වයෙන්, කාණ්ඩ 2 ක් යටතේ තරගාවලි දෙකම පැවැත්වේ.

‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 බැගින් ඇතුළත් වේ.  ඒ අනුව එක් කණ්ඩායමකට තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ.

සීමිත ඕවර තරගාවලියේදී ඒ ඒ කණ්ඩායම්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. අවසන් පූර්ව තරග සහ අවසන් තරගය පැවැත්වෙන දිනයක් තවමත් තීරණය කර නොමැති අතර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුව දැනුම් දෙනු ඇත.

පළමු පෙළ තරගාවලියේදී ඒ ඒ කණ්ඩායම්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත. අවසන් මහ තරගය සිව්දින තරගයක් ලෙස ඔක්තෝබර් 28 සිට 31 දක්වා පැවැත්වේ. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් තීරණය කර නොමැත.

තරග කිහිපක් පැවැත්වීමෙන් අනතුරුව එක්දින තරගාවලිය ජුලී 28 වැනිදා සිටත්, පළමු පෙළ තරගාවලිය ජුලී 25 වැනිදා සිටත් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් තාවකාලිකව නතර කරනු ලැබේ. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව එක්දින තරගාවලිය තරගාවලිය අගෝස්තු 21 වැනිදා සිටත්, පළමු පෙළ තරගාවලිය අගෝස්තු 26 වැනිදා සිටත් නැවතත් ආරම්භ වනු ඇත.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සහ ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත්, දේශීය යොවුන් තරගාවලියක් පැවැත්වීමත් නිසා එක්දින තරගාවලියේදී ක්‍රීඩා සමාජ කිහිපයකට ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයන් අහිමිව යනු ඇත.


එක්දින තරගාවලියේ කාණ්ඩ 2 සඳහා ක්‍රීඩා සමාජ බෙදී ඇති ආකාරය

‘ඒ’ කාණ්ඩය
ද්‍රවිඩ සංගමය, එන්.සී.සී, මූවර්ස්, පොලිස්, ලන්කන්, කෝල්ට්ස්, සෙබස්තිනයිට්ස්, එස්.එස්.සී, බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, සැරසන්ස්, බදුරලිය, කළුතර නාගරික

‘බී’ කාණ්ඩය
රාගම, යුදහමුදාව, හලාවත මේරියන්ස්, සී.සී.සී, මිගමුව, කුරුණෑගල යොවුන්, බී.ආර්.සී, පානදුර, කැන්ඩි කස්ටම්ස්, ගුවන් හමුදාව, නුගේගොඩ, නාවික හමුදාව, ගාල්ල


පළමු පෙළ තරගාවලියේ කාණ්ඩ 2 සඳහා ක්‍රීඩා සමාජ බෙදී ඇති ආකාරය
‘ඒ’ කාණ්ඩය
සී.සී.සී, පොලිස්, රාගම, මහනුවර කස්ටම්ස්, කෝල්ට්ස්, ගාල්ල, බී.ආර්.සී, සෙබිස්තිනයිට්ස්, මූවර්ස්, කුරුණෑගල යොවුන්, එස්.එස්.සී, කළුතර නාගරික, ලන්කන්
‘බී’ කාණ්ඩය
එන්.සී.සී, ඒස් කැපිටල්, හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඩ්, යුදහමුදාව, පානදුර, සැරසෙන්ස්, නුගෝඩ, මීගමුව, නාවික හමුදාව, ද්‍රවිඩ සජගමය, ගුවන් හමුදාව, බදුරලිය

 


අදහස් (0)

එක්දින තරගාවලිය 15 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.