Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලිය අනිද්දා (24 වැනිදා) ආරම්භවීමට නියමිතය. මෙම තරගාවලියේ මූලික වටයේ තරග හම්බන්තොට, පල්ලේකැලේ, ගාල්ල, දඹුල්ල සහ කොළඹ ආර්.ප්‍රේමදාස යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 5 කදී පැවැත්වෙනු ඇත.
සෑම කණ්ඩායමක්ම අනෙකුත් කණ්ඩායම් 4 සමගින් ලීග් පදනම මත මෙම තරගාවලිය පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.
මාර්තු 31 සිට අප්‍රේල් 3 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් පූර්ව තරග පැවැත්වෙනු ඇත.
අවසන් මහා තරගය අප්‍රේල් මස 7, 8, 9 සහ 10 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන දේශීය තරගාවලියට සහභාගිවන ක්‍රීඩා සමාජ 26 කින් තෝරා ගන්නා ක්‍රීඩකයන් නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී මෙන් සිව්දින තරගාවලියේදීද කණ්ඩායම් පහ අතර බෙදී යනු ඇත. ඒ අනුව කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින්ද, දඹුල්ල කණ්ඩායම සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින්ද බෙදී යනු ඇත.
තරග කාළසටහන
පෙබරවාරී 24 සිට 27 දක්වා - ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර ගාල්ලේදී
යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර හම්බන්තොටදී
මාර්තු 3 සිට 6 දක්වා - යාපනය සහ මහනුවර කණ්ඩායම් අතර මහනුවරදී
කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර කොළඹදී
මාර්තු 10 සිට 13 දක්වා - දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර දඹුල්ලේදී
කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර කොළඹදී
මාර්තු 17 සිට 20 දක්වා - මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර මහනුවරදී
යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර හම්බන්තොටදී
මාර්තු 24 සිට 27 දක්වා - කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර ගාල්ලේදී
දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර දඹුල්ලේදී
මාර්තු 31 සිට අප්‍රේල් 3 දක්වා - පළමු අවසන් පූර්ව තරගය, හම්බන්තොටදී
දෙවැනි අවසන් පූර්ව තරගය, මහනුවරදී
අප්‍රේල් 7 සිට 10 දක්වා - අවසන් මහා තරගය, ගාල්ලේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.