Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 28 වැනිදා ආරම්භ කිරීමට සූදානම් වන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (එල්.පී.එල්.) ‘කොවිඩ් 19’ සෞඛ්‍ය නිර්දේශ හෙට (12) ලැබීමට නියමිත අතර එම නිර්දේශ අනුව තරගාවලියේ අනාගතය තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
“සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හෙට (12) අපිට නිර්දේශ ලැබීමට නියමිතයි. එම නිර්දේශ මත තමයි තරගාවලිය පැවැත්වීම තීරණය වෙන්නේ. තරගාවලිය ලබන 28 වැනිදා ආරම්භ කිරීමට ක්‍රීඩාංගණත් සූදානම් කරලා තියෙන්නේ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියට ප්‍රබල විදේශ ක්‍රීඩකයන් සහභාගි නොවන බවට පැතිර යන කථා පිළිබඳව එම නිලධාරියා මෙසේ අදහස් දැක්වීය.
“ඉර්ෆාන් පතන් තරගාවලියට සහභාගි වන බවට අපේ කළමණාකරුවකුට පවසා තිබුණා. ඔහුට ඊට පසුව අයි.පී.එල්. තරගාවලියේ විස්තර විචාරය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එහි ගෙවීම් අපිට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා ඔහු එය තෝරාගන්න ඇති”
“නමුත් අපේ තරගාවලියේ විදේශ ක්‍රීඩකයන් අතර ඩ්වේන් ස්මිත්, මාටින් ගප්ටිල්, වර්නන් ෆිලැන්ඩර්, ලියාම් ප්ලන්කට්, මොහොමඩ් ශෂාඩ් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.