Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. දෙසැම්බර් 6 දා සිට

එල්.පී.එල්. දෙසැම්බර් 6 දා සිට

editorial - 2022 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආර්ථික අර්බුදයත් ඉන්ධන හිඟයත් හේතුවෙන් කල් දමන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ තුන්වැනි අදියර, දෙසැම්බර් මස 6 වනිදා සිට 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ වන විට තරගවලියේ කාල සටහන පවා සකස් කර අවසානය. කොළඹ, යාපනය, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන නගර සඳහා නම්කර ඇති, හිමිකරුවන් සහිත කණ්ඩායම් පහක් තරගාවලියට ඉදිරිපත් වනු ඇත. කෙසේ වෙතත් මේ දක්වා කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න නිවේදනය කර නැත.

දෙසැම්බර් 6 වැනිදා හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරගාවලිය, 8 වැනිදා දක්වා එහිදී පැවැත්වේ. ඉන් අනතුරුව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීත්, අවසන් කොටස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

ලීග් පදනම අනුව, සෑම කණ්ඩායමක්ම එකිනෙකාට එරෙහිව දෙවරක් ක්‍රීඩා කිරීමට නියමිතය. ප්‍රසාද ලකුණු පුවරුව අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර පිළිමළුන් පිටුදැකීමේ අදියරට පිවිසෙයි.

දෙසැම්බර් 23 වැනිදා අවසන්  මහ තරගය පැවත්වීමට නියමිතය.

 


අදහස් (0)

එල්.පී.එල්. දෙසැම්බර් 6 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.