Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික අදියරේ දින 8 ක් අවසන් වනවිට ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එස්.එස්.සී (ඒ කාණ්ඩය), බී.ආර්.සී (බී කාණ්ඩය), පොලිසිය (සී කාණ්ඩයම) සහ මූවර්ස් (ඩී කාණ්ඩය) යන කණ්ඩායම් සමත්වූහ.
මේ දිනවන පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් බොහෝ තරග ප්‍රමාණයක් විසඳුමකින් තොරව අවසන්වී ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී රටතුල පවතින කාළගුණ තත්වය අනුව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 4 තීරණය වනු ඇත.
දින 4 කදී තවත් තරග 24 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර තවදුරටත් ඉදිරි දින කිහිපයේදී වර්ෂාවෙන් තරග වලට බලපෑම් ඇතිවී විසඳුමකින් තොරව තරග අවසන් වුවහොත් දැනට පෙරමුණේ පසුව කණ්ඩායම් සඳහා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ වැඩි අවස්ථාවක් ඇත.
දැනට පවත්වා ඇති තරග 48 කින් තරග 16 ක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇති අතර එබැවින් කණ්ඩායම් අතර තරගකාරීවයට එය බාධාවක් වී ඇත.
මෙවර එක් කාණ්ඩයකින් එක් කණ්ඩායමක් පමණක් තෝරා ගන්නා බැවින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් අතර තියුණු තරගයක් පමණි.
‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නාකණ්ඩායම් සහ ‘ඩි’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ. ‘බී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම සහ ‘ඩී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණුඅ සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. අවසන් පූර්ව තරග ජුනි 4 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජුනි 6 වැනිදා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.