Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්.එස්.සී - සැරසන්ස් පූර්ණ ජයග්‍රහණ හිමිකර ගනී

එස්.එස්.සී - සැරසන්ස් පූර්ණ ජයග්‍රහණ හිමිකර ගනී

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ දෙවැනි සතියේදී පූර්ණ ජයග්‍රහණ හිමිකර ගැනීමට එස්.එස්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අද (27 වැනිදා) සමත්විය.

සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී යුදහමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී කණ්ඩායම සමත්වූ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී එන්.සී.සී කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් කණ්ඩායම සමත්විය.

අද අවසන්වූ සති අන්තයේ පැවැති තරග වලදී සුපිරි 8 දෙනාගේ තරගාවලියේදී ද්විත්ව ශතක 3 ක් වාර්තාවූ අතර පළඟ ශූරතා තරගාවලියේදී එක් ද්විත්ව ශතකයක් වාර්තාවිය. එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා (273), ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන (නොදැවී 215) සහ හලාවත මේරියන්ස් පිලේ ඕශධ ප්‍රනාන්දු (234) සුපිරි 8 දෙනාගේ තරගාවලියේදී ද්විත්ව ශතක වාර්තා කළ පිතිකරුවන්වූ අතර රාගම පිලේ සමීර ද සොයිසා (215) පළඟ ශූරතා තරගාවලියේදී ද්විත්ව ශතකය වාර්තා කළ පිතිකරුවා විය.

සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ තවත් තරග 2 ක් කටුනායක මේරියන්ස් සහ එන්.සී.සී ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදි සී.සී.සී පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ද්‍රවිඩ සංගම් පිලත්, කෝල්ට් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් පිලත් සමත්විය.

යුදහමුදා පිලේ දුශාන් විමුක්ති (133) සහ ලක්ෂිත මදුශාන් (110), එන්.සී.සී පිලේ මහේල උඩවත්ත (101) සහ ළහිරු උදාර (127), සැරසන්ස් පිලේ ප්‍රමෝද් මදුවන්ත (116), සී.සී.සී පිලේ වනිඳු හසරංග (නොදැවී 104), හලාවත මේරියන්ස් පිලේ හර්ෂ කුරේ (නොදැවි 162) සහ ඕෂධ ප්‍රනාන්දු (109), කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා (107) සහ සංගීත් කුරේ (නොදැවී 121) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

එන්.සී.සී පිලේ ලසිත් ඇඹුල්දෙණිය, එස්.එස්.සී පිලේ තරිඳු රත්නායක, යුදහමුදා පිලේ දුශාන් විමුක්ති, ද්‍රවිඩ සංගම් පිලේ රංගන හේරත්, හලාවත මේරියන්ස් පිලේ සාගර් උදේෂී කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එස්.එස්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පිලට කඩුලු 9 ක ජයක්

එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 141.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 582
(සඳුන් වීරක්කොඩි 52, කෞෂාල් සිල්වා 273, ක්‍රිෂාන් ආරච්චිගේ 23, කවිඳු කුලසේකර 94, සම්මු අෂාන් 26, මිතුන් ජයවික්‍රම 24, සචිත්‍ර සේනානායක 42, දුශාන් විමුක්ති 155/5, විරාජ් පුෂ්පකුමාර 141/2)

යුදහමුදා - පළමු ඉනිම - ඕවර 86.5 කදී සියලුදෙනා දැවී ලකුණු 321
(ලක්ෂාන් එදිරිසිංහ 30, දුශාන් විමුක්ති 133, හිමාෂ ලියනගේ 20, දිල්ශාන් ද සොයිසා 28, අශාන් රංදික 35, තරිඳු රත්නායක 97/5, ධම්මික ප්‍රසාද් 72/3)

යුදහමුදා - දෙවැනි ඉනිම - ඕවර 99.2 කදී සියලුදෙනා දැවී ලකුණු 335
(ලක්ෂිත මදුශාන් 110, දුශාන් විමුක්ති 25, හිමාෂ ලියනගේ 35, දිල්ශාන් ද සොයිසා නොදැවී 85, අශාන් රංදික  28, තරිඳු රත්නායක 108/4, ආකාශ් සේනාරත්න 44/3, සම්මු අශාන් 63/2)

එස්.එස්.සී - දෙවැනි ඉනිම - ඕවර 13.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 77
(සඳුන් වීරක්කොඩි නොදැවී 49, ක්‍රිෂාන් ආරච්චිගේ නොදැවී 25)


එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් පිලට කඩුලු 6 ක ජයක්

එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 87.3 කදී සියලුදෙනා දැවී ලකුණු 253
(ළහිරු උදාර 47, මහේල උඩවත්ත 101, මාලිංග අමරසිංහ 20, සාරංග රාජගුරු 38, චාමිකර එදිරිසිංහ 82/4, මොහොමඞ් දිල්ශාඞ් 25/2)

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 142.3 කදී සියලුදෙනා දැවී ලකුණු 457
(ඇන්ඩි සොලමන්ස් 45, ගමිඳු අමරසිංහ 81, ප්‍රමෝද් මදුවන්ත 116, අශේන් බණ්ඩාර 78, නිපුන් කරුණානායක 55, චාමිකර එදිරිසිංහ 30, ලසිත් ඇඹුල්දෙණිය 96/6, දිලේෂ් ගුණරත්න 83/2)

එන්.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 78 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 427
(ළහිරු උදාර 127, හසිත බෝයගොඩ 34, මහේල උඩවත්ත 78, සාරංග රාජගුරු 94, පැතුම් නිස්සංක 31, චාමිකර එදිරිසිංහ 103/4, ගමිඳු අමරසිංහ 90/2)

සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 46 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 224
(ඇන්ඩි සොලමන්ස් 41, අශේන් බණ්ඩාර නොදැවී 94, නිපුන් කරුණානායක නොදැවී 42, ලසිත් ඇඹුල්දෙණිය 66/3)


ද්‍රවිඩ සංගමය සහ සී.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 127.5 කදී සියලුදෙනා දැවී ලකුණු 405
(තරංග පරණවිතාන නොදැවී 215, සචිත්‍ර සේරසිංහ 21, දමිත් සිල්වා 72, ළහිරු මදුශංක 54/3, අශාන් ප්‍රියංජන් 49/2, වනිඳු හසරංග 52/2)

සී.සී.සී - පළමු ඉනිම - ඕවර 89.2 කදී සියලුදෙනා දැවී ලකුණු 324
(මාධව වර්ණපුර 54, වනිඳු හසරංග 106, මනෙල්ක ද සිල්වා 22, මලිඳු මදරංග 65, රංගන හේරත් 71/5, සචිත්‍ර සේරසිංහ 43/2, තිලංග උදේශන 59/2)

ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම - ඕවර 84 කදී සියලුදෙනා දැවී ලකුණු 268
(රමිත රඹුක්වැල්ල 63, මනෝජ් සරත්චන්ද්‍ර 26, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් නොදැවී 32, ළහිරු ගමගේ 61/3, ළහිරු මදුශංක 62/3, මාලින්ද පුෂ්පකුමාර 64/3)

සී.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 196
(රොන් චන්ද්‍රගුප්ත 53, අශාන් ප්‍රියංජන් 22, ලසිත් අබේරත්න 35, වනිඳු හසරංග නොදැවී 33, දමිත සිල්වා 31/2, රංගන හේරත් 35/2)


හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිමේ ජයක්

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 133 කදී සියලුදෙනා දැවී ලකුණු 560
(යශෝධ ලංකා 75, තීක්‍ෂිල ද සිල්වා 79, ඕෂධ ප්‍රනාන්දු 109, හර්ෂ කුරේ නොදැවි 162, රුසිත් උපමාල් 33, පුලින තරංග 23, චතුරංග කුමාර 31, සංගීත් කුරේ 105/4)

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 88.2 කදී සියලුදෙනා දැවී ලකුණු 308
(හෂාන් දුමිඳු 68, ධනංජය ලක්ෂාන් 32, ප්‍රියමාල් පෙරේරා 107, පසිඳු ලක්ශංක 28, හර්ෂ රාජපක්ෂ 31, සාගර් උදේෂී 84/5, චතුරංග කුමාර 56/2)

හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 81.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 423
(යශෝධ ලංකා 55, තීක්‍ෂිල ද සිල්වා 23, ඕශධ ප්‍රනාන්දු 234, රුසිත් උපමාල් 64, පුලින තරංග නොදැවී 20, නලින් ප්‍රියදර්ශන 114/2)

කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 269
(සංගීත් කුරේ නොදැවී 121, හෂාන් දුමිඳු 20, ධනංජය ලක්ෂාන් 60, නිසල තාරක නොදැවී 45, සාගර් උදේෂී 94/3)

 


අදහස් (0)

එස්.එස්.සී - සැරසන්ස් පූර්ණ ජයග්‍රහණ හිමිකර ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.