Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නිමාවීමට තවත් සති 2 ක් ඉතිරිව තිබියදී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලකුණු 81.285 ක් ලබා සිටින කෝල්ට්ස් ක්‍රිකට් සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට ලකුණු 89.91 ක් ලබා සිටින එන්.සී.සී. ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි.
මේ දක්වා සහභාගි වූ තරග 7 න් 3 ක් ජයගෙන සිටින කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ඉතිරි තරග 4 ම ජය පැරදුමකින් තොරව අවසන් කර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ තිබේ. එන්.සී.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ මෙතෙක් සහභාගි වූ තරග 6 න් 3 ක් ජයගෙන සෙසු තරග 3 ජය පැරදුමකින් තොරව අවසන් කර ගනිමිනි.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය තරග 3 ක් ජයගෙන, තරග 3 ක් ජය පැරදුමකින් තොරව අවසන් කරගෙන ලකුණු 80.69 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. මූවර්ස් ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග 2 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී, තරග 3 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන ලකුණු 66.775 කට හිමිකම් කියමිනි.
කෙසේ වුවත් 1938 වසරේ සිට මේ දක්වා අවස්ථා 32 කදී ලීග් ශූරතාවට හිමිකම් කියා ඇති ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී දැක්වූ අසාර්ථකත්වය හේතුවෙන් මේ වන විට ‘බී’ කාණ්ඩයේ 8 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටී තිබේ. මෙවර තරගාවලියේදී මේ දක්වා තරග 7 කට ක්‍රීඩා කර ඇති එස්.එස්.සී. කණ්ඩායම ඉන් ජය ලබා ඇත්තේ එක් තරගයක් පමණි.
එහිදී තරග 2 ක් පරාජයට පත්ව ඇති එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සෙසු තරග 4 ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. ‘බී’ කාණ්ඩයේ ඔවුන්ට පසුපසින් සිටින එකම කණ්ඩායම වන්නේ මහනුවර රේගු ක්‍රීඩා සමාජය වන අතර ඔවුන්ට ලකුණු සටහනේ ඉදිරියට ඒම සඳහා සී.සී.සී. සහ මුවර්ස් යන ක්‍රීඩා සමාජවලට එරෙහිව තවත් තරග 2 ක් ඉතිරිව තිබේ.
එහෙත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලිය තුළ ඉතිරිව ඇත්තේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින එන්.සී.සී. ක්‍රිකට් සමාජයට එරෙහිව මෙම සති අන්තයේදී පැවැත්වෙන තරගය පමණි. යම් හෙයකින් එස්.එස්.සී. කණ්ඩායම එම තරගයේදී පරාජයට පත්වුව හොත් ඔවුන් ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානය දක්වා පසුබැසීමට වැඩි ඉඩක් පවතී.
පළමු පෙළ තරගාවලිය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේම අවසන් ස්ථානවලට පත්වන කණ්ඩායම් වලට ලබන වසරේදී (2026) දෙවැනි පෙළ තරගාවලිය යටතේ තරග වැදීමට සිදුවන බැවින් මේ වන විට එස්.එස්.සී. කණ්ඩායම දැඩි අවදානමකට ලක්ව සිටියි. එම අවදානමින් මිදීමට සඳහා ඔවුන් අනිවාර්යෙන්ම මෙම සතියේදී එන්.සී.සී. කණ්ඩායම පරාජය කළ යුතුව තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටීම හේතුවෙන් චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු වැනි ප්‍රභල ක්‍රීඩකයන්ගේ දායකත්වය එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව එළබෙන 14 වැනිදා ආරම්භවන තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමට අහිමිවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.