Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්.එස්.සී පිල අවසන් පූර්ව වටයට

එස්.එස්.සී පිල අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී පිල අද (16 වැනිදා) සමත්විය.

සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිලත් සමත්විය.

එස්.එස්.සී පිලේ ප්‍රභාත් ජයසූරිය සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකර කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මේ මස 18 වැනිදා අවසන් පූර්ව තරග එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර යුදහමුදා සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.

අවසන් මහා තරගය මේ මස 20 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.


කෝල්ට්ස්  - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 117
(සංගීත් කුරේ 26, කවිශ්ක අංජුල 25, ජෙහාන් ඩැනියෙල් 21, ප්‍රභාත් ජයසූරිය 16/4, කළණ පෙරේරා 01/2)

එස්.එස්.සී  - ඕවර 17.2 කදී කඩුලු 4 ක් දැවී 118
(නුවනිඳු ප්‍රනාන්දු 41, සංගීත් කුරේ 18/2)

 


අදහස් (0)

එස්.එස්.සී පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.