Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනිමට ඒස් කැපිටල් ක්රීඩා සමාජය සමත් විය. කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී සෙනසුරාදා (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කොළඹ ක්රිකට් සමාජයට (සී.සී.සී.) එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ඒස් කැපිටල් ක්රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.
ජයග්රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් කණ්ඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 111 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 97 ක් රැස්කළ සම්මු අෂාන් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියේය.
රවීන් ද සිල්වා (38) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 142 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සම්මු, ඉන් නොනැවතී සකුණ ලියනගේ (25) සමග එක්ව පන්දු 61 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එස් කැපිටල් කණ්ඩාමේ ජයග්රහණය තහවුරු කළේය.
පන්දු 93 කදී වාර්තා වූ රවීන්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද, පන්දු 34 කදී වාර්තා වූ සකුණගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක්ද ඇතුළත් විය. එහිදී නායක තනුක දාබරේ පන්දු 34 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක් රැස්කළේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාව මැනවින් ඉටුකරමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම ඕවර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී 251 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 46 කින් ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක් රැස්කළේය.
ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමහි නිරත වූ වනුජ සහන් ලකුණු 47 කට කඩුලු 3 ක්ද, නිම්සර අතරගල්ල ලකුණු 55 කට කඩුලු 3 ක්ද දවාගත්හ. රවිඳු රත්නායක, සම්මු අෂාන්, තනුක දාබරේ සහ සිතුම් දිසානායක කඩුල්ල බැගින් බිඳහෙළමින් සී.සී.සී. පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා වනුජට සහ නිම්සරට අනගි සහායක් දුන්හ.
සී.සී.සී. පිල - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 251
(ලසිත් කෲස්පුල්ලේ 33, අංජල බණ්ඩාර 29, සොනාල් දිනූෂ 27, චමිඳු විජේසිංහ 23, අෂාන් ප්රියන්ජන් 15, ඉසුරු උදාන 80, ලක්ෂාන් සඳකැන් 15, වනුජ සහන් 47/3, නිම්සර අතරගල්ල 55/3)
ඒස් කැපිටල් පිල - ඕවර 49.1 කදී කඩුලු 6 ක් දැවී 254
(තනුක දාබරේ 48, රවීන් ද සිල්වා 38, සම්මු අෂාන් නොදැවී 97, සකුණ ලියනගේ 25, රවිඳු රත්නායක නොදැවී 22, සොනාල් දිනූෂ 33/2, ඉසුරු උදාන 47/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.