Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕල්කට් සැමරුම් ක්‍රිකට් තරගමාලාව අස්ගිරියේදී

ඕල්කට් සැමරුම් ක්‍රිකට් තරගමාලාව අස්ගිරියේදී

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් අටක කණ්ඩායම් සහභාගිවන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් සැමරුම් අන්තර් පාසල් ක්‍රිකට් තරග මාලාව ලබන සිකුරාදා (8) මහනුවර ‘අස්ගිරිය’ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. කලින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාංගණයක් ලෙස ප්‍රචලිතව පැවති මෙම ක්‍රීඩාංගණයේ දී තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (9-10) දිනවලදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය  සය සාමාජික  හා අට සාමාජික යන කාණ්ඩ දෙකකින් සමන්විත තරගමාලාවකි.

මෙරට බෞද්ධ පුනරුදයේ  පුරෝගාමියකු වන එංගලන්ත  ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මුල් වෙමින් පිහිටු වූ බෞද්ධ පාසල් අටක් මෙවරත් තරගාවලියට එක්ව සිටී.

මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රිකට් පදනම මෙවර තරගාවලියට සත්කාරය දරන අතර, පිරමිඩ් විල්මාර්, නිපෝන් පේන්ට් හා ජේ.එන්. ඉන්ටීරියස් යන  ආයතන ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

මෙවර සංවිධානය වන්නේ 22 වැනි තරගාවලියයි. තරගමාලාව එකී විදුහල්හි ආදි සිසුන්ගේ කණ්ඩායම් හා වත්මන් ක්‍රිකට් කණ්ඩායම් අතරත් අනතුරුව විදුහල් අටේ ආදි සිසුන් ගේ කණ්ඩායම් පමණක් සහභාගි වන අට සාමාජික තරගාවලිය පැවැත්වේ.  දෙසැම්බර් 10 වැනිදා එහි අවසන් මහ තරගය පැවැත්වීමෙන් මෙවර වාර්ෂික තරගාවලිය නිමාව දකියි.

මෙම දින තුන පුරා විදුහල් අටේ ආදි සිසුන් වන මෙරට නමගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ද තරගාවලියට ක්‍රීඩා කරති. කොළඹ ආනන්ද  විදුහල නියෝජනය කළ අර්ජුන රණතුංග, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සංජීව රණතුංග හා ගාල්ල මහින්ද විදුහලේ  උපුල් චන්දන, කුරුණෑගල මලියදේව විදුහල වෙනුවෙන් රංජිත් මධුරසිංහ, ජීවන්ත කුලතුංග, මාතර රාහුල විදුහල නියෝජනය කරමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ආදිහු ඒ අතර වෙති.

1999 දී තරගාවලිය ඇරඹීමෙන් පසුව ගාල්ල මහින්ද විදුහල මෙහි වැඩිම වාර ගණනක් ශූරතා කුසලාන දිනා තිබේ. ඒ වාර ගණනින් හතකි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල කුසලාන පස්වතාවක් දිනා ඇත. කොළඹ ආනන්ද හා කුරුණෑගල මලියදේව යන විදුහල් ශූරතා කුසලාන තෙවතාවක් බැගින් හිමිකර ගෙන ඇත.

පන්නිපිටිය ධර්මපාල විදුහල දෙවතාවක් හා මහනුවර ධර්මරාජ හා කොළඹ නාලන්දා යන විදුහල් එක් වතාවක් බැගින් තරගාවලිය ජයගත් සෙසු පාසල් වේ.

 

තරගාවලියට අනුග්‍රහය ප්‍රදානය කළ අවස්ථාව. පසුපෙළ වමේ සිට - මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රිකට් සංගමයේ ලේකම් අජිත් පළිහක්කාර, එහි සභාපති තනුජ ගොඩවත්ත, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනමේ සභාපති රොහාන් සෝමවංශ,  එහි ලේකම් උපාලි ජයසේකර.

ඉදිරි පෙළ වමේ සිට:- නිපෝන් තීන්ත සමාගමේ සාමාන්‍යාධිකාරී නෙමන්ත අබේසිංහ, ජේ.එන්. ඉන්ටීරියස් පෞද්ගලික  ආයතනයේ අලෙවි කළමනාකරු ධම්මික දාබරේ, එහි සභාපති ජොවිනස් ප්‍රනාන්දු, පිරමිඩ් විල්මාර් පෞද්ගලික ආයතනයේ අලෙවි ප්‍රධානි නදීෂා චන්ද්‍රසේකර, එහි වෙළෙඳ හා අලෙවි ප්‍රධානි හිරාන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙහි වෙති.


අදහස් (0)

ඕල්කට් සැමරුම් ක්‍රිකට් තරගමාලාව අස්ගිරියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.