Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල නවසීලන්තයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 16 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ඔවුහු එම තරග 4 ම ජයගනිමින් ලකුණු 8 ක් ලබා සිය අපරාජිත බව රැකගෙන සිටිති.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමද මේ දක්වා සහභාගි වූ තරග 4 ම ජයගෙන ලකුණු 8 ක් ලබා අපරාජිතව සිටින නමුත් දල ලකුණු වේගය අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුව තිබේ. මෙම කණ්ඩායම් දෙකටම මූලික වටයේ තවත් තරග 3 බැගින් ඉතිරිව ඇති අතර ඔවුන් එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය.
මූලික වටය නිමාවීමට තවත් තරග 12 ක් ඉතිරිව ඇති අතර ඉන් අනතුරුව ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 8 න් 7 කටම තවමත් අවස්ථාව පවතින අතර පාකිස්තානයට මේ වන විටත් එම අවස්ථාව අහිමි වී තිබේ.
ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග 2 බැගින් ජයගෙන ලකුණු 4 බැගින් ලබා සම තත්ත්වයේ පසුවෙති. කෙසේ වුවත් දල ලකුණු වේගයට අනුව ඉන්දියාවට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයත්, නවසීලන්තයට සිවුවැනි ස්ථානයත්, කොදෙව් කණ්ඩායමට එහි පස්වැනි ස්ථානයත් හිමිව තිබේ.
එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරමක් අසීරු අඩියක පසුවන අතර ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඉතිරිව ඇති තරග 2 ම ජයගත යුතුව තිබේ. ඊට හේතුවී ඇත්තේ මේ දක්වා සහභාගි වූ තරග 5 න් 3 කදීම ඔවුන් පරාජයට පත්ව තිබීමය. දැනටමත් තරග 3 ක් පරාජයට පත්ව සිටින එංගලන්තයද එම ඉරණමටම මුහුණදී සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.