Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 19 ක් අවසන් වනවිට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා පිල සමත්ව තිබේ. මේ වනවිට තරග 5 කට ක්‍රීඩාකර ඇති ඔව්හු එම තරග 5 ම ජයගනිමින් ලකුණු 10 ක් ලබා සිය අපරාජිත බව රැකගෙන සිටිති.
ඕස්ට්‍රේලියානුවන්ට තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණක් වන බැවින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් කඩයිම පැනගෙන සිටී.
ඕස්ට්‍රේලියාව පසුපස පැමිණෙන දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මේ වනවිට තරග 4 කට ක්‍රීඩා කර එම තරග 4 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 8 ක් ලබා සිය අපරාජිත බව රැකගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තවමත් මූලික වටයේදී එකිනෙකා හමුවී නොමැති අතර ඔවුන් අතර තීරණාත්මක තරගය 22 වැනිදා පැවැත්වේ.
මූලික වටය අවසන්වීමට තවත් තරග 9 ක් ඉතිරිව ඇති අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා කණ්ඩායම් 6 ක් අතර තියුණු තරගයක් පවතී. මේ වනවිට තරග 4 බැගින් පරාජයට පත්ව ඇති නවසීලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් සඳහා මේ වනවිටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථා ගිලිහී ඇත.
ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම් සඳහා මූලික වටයේ තවත් තරග 2 බැගින් ඉතිරිව ඇති අතර දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට තවත් තරග 3 බැගින් ඉතිරිව ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.