Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
වි-20 කාන්තා ලෝක කුසලාන 2023

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2023 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (16 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඕවර 15.5 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගත්හ. ඇලීසා හීලි පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 54 ක්ද, බෙත් මූනි පන්දු 53 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 56 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මේගන් ස්චට් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන්වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. එහිදී මේගන් ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳහෙළුවාය.

ආරම්භක පිතිකාරිණී හර්ෂිතා මාධවී පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද, විෂ්මි ගුණරත්න පන්දු 33 කදී හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද රැස්කළ නමුත් සෙසු ක්‍රීඩිකාවෝ ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 112
(හර්ෂිතා මාධවී 34, චමරි අතපත්තු 16, විෂ්මි ගුණරත්න 24, නිලක්ෂි ද සිල්වා නොදැවී 15, මේගන් ස්චට් 24/4, ග්‍රාස් හැරිස් 07/2)

ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 15.5 කදී කිසිවකු නොදැවී 113
(ඇලීසා හීලි නොදැවී 54, බෙත් මූනී නොදැවී 56)

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.