Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු යොවුන් පිල සමත් විය. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 119 ක ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන යොවුන් කණ්ඩායමට විලියම් සේල්ස්මාන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 35.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. එහිදී සේල්ස්මාන් ලකුණු 37 කට කඩුලු 3 ක්ද, ටොම් වයිට්නි සහ ජැක් සින්ෆීල්ඩ් කඩුලු 2 බැගින්ද දවාගත්හ.
පාකිස්තාන යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මෙහෙරාන් මුම්ටාස් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් රැස්කළේය. අබ්දුල් ෆාසී පන්දු 44 කදී හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද, ඉර්ෆාන් ඛාන් පන්දු 42 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක් රැස්කළ නමුත් ඔවුන් කිසිවකුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 276 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ තියේගෝ වයිලි පන්දු 97 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය.
කැම්බල් කැලවේ (47) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වයිලි, ඉන් නොනැවතී කෝරි මිලර් (64) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 126 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු 63 කදී වාර්තා වූ කැම්බල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 75 කට මුහුණදුන් මිලර් හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. නායක කූපර් කොනොලි පන්දු 25 කින් ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් විලියම් සේල්ස්මාන් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක් රැස්කළේය.
ඕස්ට්‍රේලියානු යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 276
(කැම්බල් කැලවේ 47, තියේගෝ වයිලි 71, කෝරි මිලර් 64, කූපර් කොනොලි 33, ඒඩන් කැහිල් 18, විලියම් සේල්ස්මාන් 25, කාසිම් අක්‍රම් 40/3, අවායිස් අලී 46/2)
පාකිස්තාන යොවුන් පිල - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 157
අබ්දුල් ෆාසී 28, ඉර්ෆන් ඛාන් 27, අහමඩ් ඛාන් 19, මෙහෙරාන් මුම්ටාස් 29, විලියම් සේල්ස්මාන් 37/3, ටොම් වයිට්නි 31/2, ජැක් සින්ෆීල්ඩ් 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.