Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිලේ නායකයා වශයෙන් මැතිව් වේඩ් පත්කර තිබේ. හිටපු නායක ඒරන් ෆින්ච් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නැවතත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.
දෙරට අතර විස්සයි-20 තරගාවලිය හෙට (3 වැනිදා) ආරම්භ වේ. සියලුම තරග ඩකා නුවරදී පැවැත්වීමට නියමිතය. මේ මස 3, 4, 6, 7 සහ 9 දිනවලදී තරග පැවැත්වේ.
මැතිව් වේඩ් මීට පෙරද ඕස්ට්‍රේලියානු විස්සයි-20 පිලට නායකත්වය දී තිබේ. ඒ පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලියේදීය.
කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වන පැට් කමින්ස් මෙම තරගාවලියට එක්වී නොමැත. ලබන ඔක්තෝබර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීම ඊට හේතුවයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.