Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ 3-0 කින් දකුණු අප්‍රිකාව පරදවති

ඕස්ට්‍රේලියානුවෝ 3-0 කින් දකුණු අප්‍රිකාව පරදවති

editorial - 2023 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්තේය. පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළ මාකස් ස්ටොයිනිස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ට්‍රැවීස් හෙඩ් පන්දු 48 කින් ලකුණු 91 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. ජොෂ් ඉංග්ලිෂ් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග වේගවත් ලකුණු 42 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වීය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 190 ක් ලබාගත් දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩෙනොවන් ෆෙරෙයිරා හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමග පන්දු 21 කින් ලකුණු 48 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු රීසා හෙන්ඩි්‍රක්ස් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 43 ක්ද, නායක ඒඩ්න් මාක්‍රම් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක්ද රැස්කළහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෂෝන් ඇබට් ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය.


දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 190
(රීසා හෙන්ඩි්‍රක්ස් 42, ඒඩ්න් මාක්‍රම් 41, ටි්‍රස්ටන් ස්ටබ්ස් 25, ඩෙනොවන් ෆෙරෙයිරා 48, ෂෝන් ඇබට් 31/4, මාකස් ස්ටොයිනිස් 39/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී 191  
(ට්‍රැවීස් හෙඩ් 91, මිචෙල් මාෂ් 15, ජොෂ් ඉංග්ලිෂ් 42, මාකස් ස්ටොයිනිස් නොදැවී 37, බෝන් ෆෝචූන් 36/2, ජෙරල්ඩ් කොයෙට්සර් 36/2)

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 3-0 කින් දකුණු අප්‍රිකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.