Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ සමත් වූහ. සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති අවසන් විස්සයි20 තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 84 ක පහසු ජයක් ලැබීය.
ලකුණු 196 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 17.2 කදී ලකුණු 111 කට සීමා කෙරිණ.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු විස්සසි20 පිලේ නායක ජෝර්ජ් බේලි පන්දු 20 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ‘අළු බදුන’ ටෙස්ට් තරගාවලියේ සිටම මෙම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව තරග 13 න් තරග 12 ක් ජය ලැබූ අතර එංගලන්තය සිවුවැනි එක්දින තරගය පමණක් ජය ලැබීය.
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 195
(කැමරන් වයිට් 41, ඒරන් ෆින්ච් 30, බෙන් කටින් 29, ජෝර්ජ් බේලි නොදැවී 49, ස්ටුවට් බ්‍රෝඞ් 30/3)
එංගලන්ත පිල ඕවර 17.2 කදී 111
(ඔයින් මෝර්ගන් 34, ටිම් බ්‍රෙස්නන් 14, ජේම්ස් මුයිර්හෙඞ් 13/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.