Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාවට සාර්ථක ආරම්භයක්

ඕස්ටේ‍්‍රලියාවට සාර්ථක ආරම්භයක්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (9 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 6 ක් දැවී ලකුණු 354 ක් ලබා සිටියේය.

තරගය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි ස්ටීවන් ස්මිත් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 72 ක් ලබා රැස්කරගෙන සිටියේය.

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් හතරේ පහර 19 ක් සමගින් ලකුණු 145 ක් රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. වෝනර් සහ ක්ලාර්ක් අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් ඇතිවූ සම්බන්ධතාව ලකුණු 118 කි.

පිට කොන්දේ අබාධයකට ලක්වීම හේතුවෙන් කලක් කී‍්‍රඩාවෙන් ඉවත්ව සිට නැවත කණ්ඩායමට පැමිණි  ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක මයිකල් ක්ලාර්ක්, මෙම තරගයේදී ලකුණු 60 ක් රැස්කළේය.

කෙසේ වුවත් තරගය අතර තුර නැවතත් ඔහුගේ පිට කොන්දේ අබාධය හටගැනීම නිසා ඔහු පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ඩේවිඩ් වෝනර් ලකුණු 63 සීමාවට පැමිණි පසු පිල්ප් හියුස්ට ආචාර දැක්වූ අයුරු නරඹන්න...

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 354
(ඬේවිඞ් වෝනර් 145, මයිකල් ක්ලාර්ක් 60, ස්ටීවන් ස්මිත් නොදැවී 72, මිචෙල් මාර්ෂ් 41, මොහොමඞ් සාමි 83/2, වරුන් ඒරන් 95/2)

036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.