Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාව 5-0 ක සුද්දයකට සැරසෙයි

ඕස්ටේ‍්‍රලියාව 5-0 ක සුද්දයකට සැරසෙයි

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලියේදී 5-0 ක ජයග‍්‍රහණයක් කරා යමින් එංගලන්ත පිල සුද්දකර දැමීමට තමන් සියලූම උත්සාහයන් දරන බවත්, එමගින් ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය සොයා යන බවත් ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පවසයි.

”මිනිස්සු අහනවා තරගාවලිය දිනලා තියෙද්දිත් අපි බොක්සිං දිනයේ (දෙසැම්බර් 26 වැනිදා) ටෙස්ට් තරගයට සූදානම් වෙන්නේ කොහොමද කියලා”

”උත්තරේ මේකයි - උපරිම වේගය” යයි මයිකල් ක්ලාක් එංගලන්තයේ පළවන ‘ද ඬේලි ටෙලිග‍්‍රාප්’ පුවත් පතට සිය තීරු ලිපිය සපයමින් ලියා තිබිණ.

”මේ වගේ අවස්ථාවන් විරළයි. අවස්ථාව ලැබුණාම එයින් උපරිම ප‍්‍රයෝජන ගන්න  ඕනා. මොකද ඒ වගේ දෙයක් කොයි තරම් කාලයක් පවතීද කියා කියන්න අමාරුයි” යයිද ක්ලාක් ලියා තිබිණ.

”දැන් අපි දිනන්න පටන් අරන් ඉන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක, ලෑල්ලටම පාගලා යනවා මිසක් කකුළ බුරුල් කරන එකේ තේරුමක් නෑ” යයිද ක්ලාක් පැවසීය.

මේ වන විටත් 3-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටියද පළමු තරග තුනේදී මෙන්ම ඉතිරි තරග දෙකේදීත් උපරිම ආකාරයෙන් තරග කිරීමට තමන් සූදානම් වන බව  ඕස්ටේ‍්‍රලියානු පිලේ උපනායක බ‍්‍රැඞ් හැඩින් පවසයි.

”ටෙස්ට් තරගයක් කවදාවත් නිකම් ගහන්නන් වාලේ ගහන්නේ නෑ. ඒ වගේම කණ්ඩායමේ හැගීම් වල කිසි වෙනසක් තියේවි කියලත් මා හිතන්නේ නෑ”

”අප උත්සාහ කරන්නේ අපටම අභියෝගයක් වෙන්නයි. ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම වෙන්නයි” යයිද බ‍්‍රැඞ් හැඩින් පැවසීය.

 

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව 5-0 ක සුද්දයකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.