Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස්වුඞ් - ධර්මරාජ ජය පැරදුමෙන් තොරයි

කිංග්ස්වුඞ් - ධර්මරාජ ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 113 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (16 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි කිංග්ස්වුඞ් විදුහල, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියේය.

කිංග්ස්වුඞ් විදුහල් දෙවැනි ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වූ හසිත ගමගේ ලකුණු 87 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනූ ධර්මරාජ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස්වුඞ් විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. තුෂාන් හේරත්, යසිත සමරරත්න සහ උපේන්ද්‍ර වර්ණකුලසූරිය එහිදී කඩුලු 3 බැගින් දවාගනිමින් ධර්මරාජ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ධර්මරාජ විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 246 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු අත්හිටුවා කිංග්ස්වුඞ් විදුහලට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ සචින්ත සේනානායක ලකුණු 77 ක් රැස්කිරීමට සමත් විය.

 

කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලු දෙනා දැවී 142
(වීනුක පුෂ්පපිටිය 30, හංසික ගමගේ 21, හර්ෂණ වික්‍රමසිංහ 21, තුෂාන් හේරත් 24/3, යසිත සමරරත්න 27/3, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 44/3)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 78.5 කදී කඩුලු 8 ක් දැවී 246
(සචින්ත සේනානායක 77, දුලාජ් බණ්ඩාර 37, විරාජිත ඇල්ලෙපොල 40, ධනුක මාරසිංහ නොදැවී 32, ලක්මාල් ද සොයිසා 72/4, දීඝායූ බණ්ඩාර 65/3)

කිංග්ස්වුඞ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56.5 කදී කඩුලු 4 ක් දැවී 181
(හසිත ගමගේ 87, හර්ෂණ වික්‍රමසිංහ 44, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 58/2)


-036

 


අදහස් (0)

කිංග්ස්වුඞ් - ධර්මරාජ ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.