Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිංග්ස් XI පන්ජාබ් පිල සිව්වැනි ජයත් ලබයි

කිංග්ස් XI පන්ජාබ් පිල සිව්වැනි ජයත් ලබයි

ශනුක අරවින්ද - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 17 වැනි තරගය ලෙස කේප් කෝබ්රාස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර මොහාලි හිදී අද (28 වැනිදා) පැවැත්වෙන තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් පිල කඩුලූ 3 ක් පමණක් දැවී පන්දු 11 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

පන්ජාබ් පිලේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 31 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රිධිමන් සාහා (නොදැවී 42) සහ ඬේවිඞ් මිලර් (නෙදැවී 16) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පන්දු 35 කදී වාර්තා වූ රිධිමන් සාහාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කේප් කෝබ්රාස් පිල  ඕවර 18.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 135 ක් ලබාගත්තේය.

එහිදී කේප් කෝබ්රාස් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රිචඞ් ලෙවී (42) සහ හෂීම් අම්ලා (40) තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

කිංග්ස් XI පන්ජාබ් පිල වෙනුවෙන් අනුරීට් සිං සහ අක්ෂර් පටේල් කඩුලූ 3 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කේප් කෝබ්රාස් පිලට ආරාධනා කර සිටියේය.

කේප් කෝබ්රාස් පිල - ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී 135
(රිචඞ් ලෙවී 42, හෂිම් අම්ලා 40, අනුරීට් සිං 12/3, අක්ෂර් පටේල් 15/3)

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 18.1 කදී කඩුලූ 3 ක් දැවී 139
(විරේන්ද්‍ර ෂෙවාග් 23, මනන් වෝරා 23, රිධිමන් සාහා නොදැවී 42, ග්ලේන් මැක්ස්වෙල් 23, ඬේවිඞ් මිලර් නොදැවී 16, රොබින් පීටර්සන් 19/2)

-036

 


අදහස් (0)

කිංග්ස් XI පන්ජාබ් පිල සිව්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.