Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්නංගර මැදි විදුහල ඉනිමකින් ජයගනී

කන්නංගර මැදි විදුහල ඉනිමකින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහල සහ කළුතර වේලාපුර මහ විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමට කන්නංගර මැදි විදුහල සමත් විය.

එහිදී කන්නංගර මැදි විදුහලේ නිෂාඞ් චමුදිත (64) සහ විෂ්ම නයනතරු (57) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ලසිඳු ශෙෂාන් ලකුණු 77 ක් රැස්කරමින් සහ ලකුණු 100 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


වේලාපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 66.5 කදී සියලු දෙනා දැවී 167   
(කමිඳු මල්හාර 33, අදීෂ නෙත්මින 33, කෞෂාල් දිනුක 27, මිෂාන් මධුෂංක 25/3, ලසිඳු ශෙෂාන් 58/3, සඳරු මනුමාල් 29/2)

කන්නංගර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 6 ක් දැවී 306     
(ලසිඳු ශෙෂාන් 77, නිෂාඞ් චමුදිත 64, විෂ්ම නයනතරු 57, මයන්ත ප්‍රමෝද් 36, අදීෂ නෙත්මින 89/4)

වේලාපුර මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 124
(ලහිරු සස්මිත 38, විමුක්ති මධුෂංක 26, සෙනුර දෙනුවන් 20, මයන්ත ප්‍රමෝද් 31/5, ලසිඳු ශෙෂාන් 42/3)

-036

 


අදහස් (0)

කන්නංගර මැදි විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.