Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිඳු මෙන්ඩිස් නායකත්වයේ පිතිහරඹයක

කමිඳු මෙන්ඩිස් නායකත්වයේ පිතිහරඹයක

editorial - 2022 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගය අද (6 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

ලකුණු 185 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ මහනුවර ක්‍රීඩකයෝ, කඩුලු 5 ක් දැවී ලකුණු 322 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක කමිඳු මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 137 ක් රැස්කළේය.

තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 25 ක් ලබා සිටි මහනුවර කණ්ඩායම අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 297 ක් එක්කර ගත්තේය. එහිදී ළහිරු උදාර (65) සහ සහන් ආරච්චිගේ (නොදැවී 65) අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා කමිඳුට අනගි සහායක් දුන්හ.


මහනුවර පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 509
(කමිල් මිෂාර 35, ඕෂධ ප්‍රනාන්දු 50, කමිඳු මෙන්ඩිස් 24, ළහිරු උදාර 50, සහන් ආරච්චිගේ 162, කසුන් විදුර 67, අෂේන් ඩැනියෙල් 38, අවිඳු තීක්ෂණ 28, නිපුන් මාලිංග 68/3, සන්තුෂ් ගුණතිලක 55/2, කසුන් මධුෂංක 78/2)

යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 318
(නිෂාන් මධුෂංක 56, සමින්ද ප්‍රනාන්දු 73, ජනිත් ලියනගේ 85, ගීත් කුමාර නොදැවී 58, අවිඳු තීක්ෂණ 135/5, අසිත ප්‍රනාන්දු 43/2)

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 322
(ලසිත් කෘස්පුල්ලේ 31, කමිඳු මෙන්ඩිස් 137, ළහිරු උදාර 65, සහන් ආරච්චිගේ නොදැවී 65, දුනිත් වෙල්ලාලගේ 66/3)

සහන් ආරච්චිගේ

 

අවිඳු තීක්ෂණ පන්දු යවමින්...


අදහස් (0)

කමිඳු මෙන්ඩිස් නායකත්වයේ පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.